ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් අවශ්‍ය නැති බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
“හැකි ඉක්මනින් සියල්ල සමනය වෙනවා දකින්න මම කැමතියි. පාලන තන්ත්‍ර වෙනස අවුල්සහගත තත්ත්වයක් ඇති කරනවා, ඒ වගේ ම අපිට ඒ වගේ අවුල්සහගත තත්ත්වයක් දකින්න අවශ්‍ය නැහැ” යැයි ට්‍රම්ප් කියයි.
ඉරාන ගැටුම විසඳීමට උදව් කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් තමාට කතා කළ බව ට්‍රම්ප් පවසන අතර ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. තමා රුසියානු ජනාධිපතිවරයාට “නෑ මට ඉරානය සම්බන්ධ ප්‍රශ්නයට උදව් ඕනේ නැහැ. මට උදව් ඕනේ ඔයා සම්බන්ධ ප්‍රශ්නෙට” යනුවෙන් පැවසූ බවත් සඳහන් කර තිබේ.
චතුර පමුණුව