බලන්ගොඩ හිටපු සභාපති කියයි
බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තේරීපත්වූ සභාපති රංජිත් උදයකුමාර මහතා මංගල මහා සභාව පවත්වා දින කිහිපයකින් පසු තම මන්ත්‍රී ධුරයෙන් හා සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. මේ වෙනුවට නව සභාපතිවරයා වශයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ආර්යදාස ගමඇතිගේ මහතා පත් කර ඇත. මෙම ඉල්ලා අස්වීමට හේතු විමසූ විට හිටපු සභාපතිවරයා ප්‍රකාශ කළේ පක්ෂය විසින් ගනු ලැබූ පොදු තීරණයකට අනුව ඉල්ලා අස් වූ බවයි. එහෙත් තවදුරටත් පක්ෂ සාමාජිකත්වයේ කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
බලන්ගොඩ එන්. එච්. පියසේන