2025, ජූනි 13 – කොළඹ, ශ්‍රී ලංකාව – අති නවීන තාක්ෂණයේ හා නව්‍යකරණ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයකු වන ASUS මෙරට වෘත්තිකයන් හා කුඩා පරිමාණ ව්‍යාපාරන්හි ඵලදායීතාව ඉහළ නැංවීම වෙනුවෙන් සිය නවතම පරිගණක නිෂ්පාදන පෙළ පසුගියදා කොළඹදී එළි දක්වනු ලැබීය. ඔවුන් එසේ දියත් කරනු ලැබුවේ AI බලයෙන් ක්‍රියාත්මක අති නවීන ASUS Expert නිෂ්පාදන පෙළයි. ASUS හි නවතම හඳුන්වා දීම වූ මෙම නිෂ්පාදන පෙළට අති ප්‍රබල ලැප්ටොප් හා ඩෙක්ස්ටොප් පරිගණක ඇතුළත් වන අතර ඒ තුළින් වෘත්තිකයන්ට හා ව්‍යාපාරයන්ට සුවිශේෂී ආරක්ෂාවක් මෙන්ම මනා කාර්යක්ෂම බවක් ලබා දීමට හැකියාව උදා වේ.
මෙම නවතම නිෂ්පාදන අතරට ExpertBook P නිෂ්පාදන පෙළ මෙන්ම ExpertCenter P500 Mini Tower ඇතුළත් වන අතර ඒ සියලු නිෂ්පාදකයන් AI බලයෙන් ක්‍රියාත්මක වේ. එහි කාර්යක්ෂම බව හා බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව හේතුවෙන් නවීන ව්‍යාපාරික පරිසරයන් තුළ විශ්වසනීය සේවාවක් සලසා ගැනීමේ හැකියාව ව්‍යවසායකයන්ට උදා වේ.
මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ASUS ඉන්දියා, ශ්‍රී ලංකා සහ නේපාල්හි Commercial PC and Smartphone අංශයේ උප සභාපති දිනේෂ් ශර්මා මහතා මෙසේ පැවසීය. “ව්‍යාපාර ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින වෙළෙඳපොළක් වන ශ්‍රී ලංකාව වෙත මෙම නවතම නිෂ්පාදන පෙළ හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වනවා. අපගේ නව්‍යකරණ නිෂ්පාදනයන් සෑම විටම නිර්මාණාත්මක අදහස් මත සිදු කරන අතර මෙම නවතම නිෂ්පාදනයන් තුළින් ඉහළ කාර්ය සාධනයක්, පහසුවෙන් පුළුල් කිරීමේ හැකියාව, ව්‍යවසායක ආරක්ෂාව සලසා දීමට සමත් වනවා. එමෙන්ම නවීන වෘත්තිකයන්ගේ හා සංවිධානයන්හි අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති Expert නිෂ්පාදන පෙළ පහසු තාක්ෂණික අත්දැකීමක් සමඟින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා වෘත්තිකයන් සවිබල ගැන්වීම සඳහා වන අපගේ කැපවීමද ප්‍රදර්ශනය කරනවා. ”
මෙම නවතම නිෂ්පාදන පෙළෙහි ප්‍රමුඛතම නිෂ්පාදනයක් ලෙස ExpertBook P5 (P5405CSA) සඳහන් කළ හැකිය. ව්‍යාපාර සඳහා යොදා ගන්නා ASUS හි ප්‍රථම Copilot+ PC වන මෙය බලගන්වනු ලබන්නේ 47 47 NPU TOPS දක්වා ඉහළ නැංවිය හැකි නවතම Intel Core Ultra ප්‍රොසෙසරයකිනි (Series 2). ඒ තුළින් පෙර පරිගණකයන්ට වඩා තුන් ගුණයක කාර්ය සාධන විශිෂ්ටත්වයක් සනිටුහන් කිරීමට මෙම ExpertBook P5 සමත් වේ. ASUS AI ExpertMeet විශේෂාංගයෙන්ද සමන්විත එහි AI- ක්‍රියාකාරීත්වය හේතුවෙන් සියලු ව්‍යාපාර කටයුතු විධිමත්ව සිදු කර ගැනීමේ හැකියාව උදා කර දෙන්නේ සහයෝගීතාවයද ඉහළ නංවමිනි. එසේම එහි ඇති වඩා සුවපහසු හා කල් පවත්නා ඇලුමිනියම් ආවරණය හා 2.5ණ 144Hz තිරය හේතුවෙන් ආරක්ෂාව මෙන්ම ආකර්ෂණීය රූප රාමුද මනාව ලබා ගැනීමට හැකි වේ. 1.27kg ක සැහැල්ලු නිමාවක් සහිත ExpertBook P5 සිය වැඩ කටයුතු සඳහා ඉහළ ඵලදායීතාවක් හා කාර්යක්ෂම බවක් අපේක්ෂා කරන වෘත්තිකයන්ට ඉමහත් පහසුවක් අත්කර දෙනු ඇත.