වමේ සිට දකුණට: සල්මල් පතිරණ, සහකාර උප සභාපති – යූනියන් ඇෂුවරන්ස් හි තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා ආරක්ෂක කටයුතු; හර්ෂ සේනානායක, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන තොරතුරු නිලධාරී; සෙනත් ජයතිලක, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී, ශාන් නානායක්කාර, වෙරිටාස් කාර්යාංශයේ දේශීය සාමාන්‍යාධිකාරී සහ සුභාෂ් ද සිල්වා, වෙරිටාස් කාර්යාංශයේ කළමනාකරු – අලෙවි හා වෙළෙඳ ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ISO/IEC 27001:2022 ප්‍රමිතිය යටතේ සහතිකලාභී ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙමින් විශිෂ්ට සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත්තේ ක්‍ෂේත්‍රයේ තොරතුරු ආරක්ෂාව පිළිබඳ මංසලකුණුවලට නව අරුතක් එක් කරමිනි. පාරිභෝගික දත්ත, ව්‍යාපාර බුද්ධිය, මූල්‍ය තොරතුරු, බුද්ධිමය දේපළ, සහ තෙවැනි පාර්ශ්ව වාර්තා ඇතුළුව ආයතනයේ වඩාත්ම වැදගත් වත්කම් ආරක්ෂා කරන යූනියන් ඇෂුවරන්ස් තොරතුරු ආරක්ෂක කළමනාකරණ පද්ධතිය (ISMS) සතු ශක්තිය සහ පරිණතභාවය, ජාත්‍යන්තරව පිළිගැනෙන මෙම සහතිකය මඟින් තහවුරු වෙයි.
අවදානම් පිළිබඳ බුද්ධිය, සුරක්ෂිත කේතකරණය, ක්ලවුඩ් සේවා පාලනය, දත්ත ආවරණකරණය, සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අඛණ්ඩතාව වැනි වැඩිදියුණු කළ පාලන ඉසව් ඇතුළු මූලික යාවත්කාලීන කිරීම් රැසක් ISO 27001:2022 ප්‍රමිතිය මඟින් හඳුන්වාදෙනු ලබයි. අද වනවිට ඇති විය හැකි සයිබර් අවදානම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ තොරතුරු පිළිබඳ ආරක්ෂාව එදිනෙදා මෙහෙයුම් කටයුතුවලට මැනවින් මුසුකර ගැනීම සඳහා මෙම නවීන පාලනයන් ඉතා වැදගත් වේ.