Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මහා ප්‍රාඥයකුගේ සොබා ඇස
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මහා ප්‍රාඥයකුගේ සොබා ඇස
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංග

මහා ප්‍රාඥයකුගේ සොබා ඇස

June 22, 2025
277 Views

“මහා ප්‍රාඥයා” යන විරුදාවලිය ඇස ගැටුන ගමන්ම නිරායාසයෙන්ම ඔබේ මතකයට එන්නේ “කොග්ගල මහා ප්‍රාඥයා” ලෙස අප හඳුනා ගන්නා මාර්ටින් වික්‍රමසිංහයන්. එතුමා කවුද කියලා අමුතුවෙන් විස්තර කරන්න කිසිම අවශ්‍යතාවක් නැති නිසා අද මාගේ කාර්යය ටිකක් පහසුයි. නමුත් මා එතුමා ගැන කියන්න හදන්නේ මොකක් ද කියලා නම් ඔබට කුතුහලයක් තියෙන්න පුළුවන්. මොකද මෙතුමා ඉතා පුළුල් පරාසයක විහිදුන පැතිරුණු දැනුමක්, අවබෝධයක් සහිත වගේම පුළුල් වපසරියක් ආවරණය කරමින් ලේඛනයේ යෙදුනු ගැඹුරු නිර්මාණශීලී හා ශාස්ත්‍රීය ලේඛකයෙක් වන නිසා.

අද අපි කතා කරන්නේ ලේඛකයෙන් විදියට එතුමාට ස්වභාවික පරිසරය ගැන තිබුණු තියුණු සංවේදනය සහ එය පාඨකයන්ට සන්නිවේදනය කරන්න තිබුණු නිර්මාණශීලී කුසලතාව ගැන.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සියලු කෘති පිළිබඳව මෙහිදී කරුණු දැක්වීම උගහටය. මාගේ ලියමනේ මූලික අවධානය යොමු වන්නේ “ගම්පෙරලිය”, “මඩොල් දූව” යන කෘති දෙකටය. ඊට අමතරව “උපන්දා සිට”, “අපේ ගම” සහ ඔහුගේ බොහෝ නවකතා, කෙටි කතාවලට ද මෙම වෙරළ ආශ්‍රිත පරිසරය පාදක වී තිබේ. කෙසේ වුවත් ඔහුගේ සොබා ඇස දකින්නට මේ කෘති ද්විත්වය වුවත් හොඳටම සෑහේ.

මාර්ටින් වික්‍රමසිංහයන්නේ සොබා ඇස නිර්මාණය වීම කෙරෙහි ප්‍රධාන කාරණා තුනක් බලපා තිබෙන බව මට හැඟේ. එනම් ගැමියකු ලෙස ඔහුට ජීවත් වූ පරිසරය විනිවිද දකින්නට සියුම් නිරීක්ෂකයකු ලෙස ඔහුට තිබූ හැකියාව ඉන් ප්‍රධානය. දෙවැන්න නම් කියවීමෙන් ඔහුට උකහා ගන්නා ලද දේවල් තුළින් ඔහු දුටු දේ විශ්ලේෂණය කිරීමේ සියුම් ඥානයක් ඔහු තුළ පැවතීමයි. තෙවනුව අලුත් දේ දැනගැනීම කෙරෙහි ඔහු තුළ තිබූ නොනිත් ආශාවයි. ඔහු ලියා පළ කරන ලද බෞද්ධ දර්ශනය, පරිණාමවාදය, සාහිත්‍ය විචාර, නවකතා සහ කෙටිකතා ආදී පුළුල් පරාසයක විහිදුණු කෘතින් ඊට සාක්ෂි දරයි.

“කුඩා කල හවස් වරුවේ ඒ ගල ළඟින් ගිය මා පහන් පැල හා පහන ද යදින ගැමියකු හෝ ගැහැණියක ද නොදුටුවේ කලාතුරකිනි”. වික්‍රමසිංහ ගම්පෙරළියේ මේ කියන්නේ හිරි ගල් දේවාලය ගැනයි.

“හිරු රැසින් කැකෑරෙන දිය පිසගෙන එන සුළඟ අපගේ කයත් සිතත් පිනවයි. ඔරුකාරයෝ තමන්ගේ ඔරුව එගොඩ බලා යාත්‍රා කරවත් ඇතැම් ඔරුකාරයෝ ඔරුවල හිඳගෙන තවමත් මාළු බාති. දකුණු අත නවා එහි තබා විදාහාගත් දැල ඇතිව සිටි මිනිසකු සහිත ඔරුවක් අපගේ දූපත බලා පැදෙයි”. මේ මඩොල් දූව කෘතියෙනි.

මේ කෙටි උපුටා දැක්වීම් ද්විත්වයෙන්ම අපට දැනෙන්නේ මිනිසා සහ පරිසරය අතර තිබෙන බැඳීමයි. එය ගැටුමක් නොව සහජීවනයේ වියමනකි. එය කාලයට සාපේක්ෂව වෙනස්වන සුළු නමුත් සබඳතාවය අස්ථානගත නොවේ. කොටින්ම අප සොබාදහමෙන් වියුක්ත නැත. අප එහි අවියෝජනීය සංරචකයක් මිස, අප එය අතික්‍රමණය කරන්නෝ නොවෙමු. මේ ගැඹුරු දහම මේ කෘතිවල යටි පෙළින් දිවෙන බව අපට දැනේ.

“මඩොල් දූව” කෘතියේ අවසානයට එක්කර ඇති ඔහුගේ ග්‍රන්ථ පිළිබඳව විචාරය මෙහිදී මා උපුටා දක්වන්නට කැමැත්තෙමි. මන්ද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘති හරහා මා ඔබට කියන්නට උත්සහා ගන්නා දේ දැනටමත් එහි මනාකොට ගොනුකොට ඇති නිසාවෙනි.

“මේ ග්‍රන්ථකාරයාගේ ‘අපේ ගමෙහි’ ‘ගම්පෙරළියෙහි’ හා බොහෝ කෙටි කතාවල ද ගැමි පරිසරය පිළිබඳව විවිධ වර්ණනා බහුලය. ගමෙහි අඳුර, රැය, ගස් කොළන්, සතුන් හා ඔවුන් නඟන හඬ, ගැමියන්ගේ ගති හා ඇබ්බැහිකම් ද එක්කොට අනා කරන ලද ඒ වර්ණනා කියවන ගම් ඇසුරු කරන පාඨකයන් මනසින් පමණක් නොව ඇසින්, කණින් හා ස්පර්ශයෙන් ද ගැමි පරිසරය හඟිතියි සිතවන වාස්තවික ශක්තියක් එහි ඇත”.

අපි මේ ලිපි මාලාවෙන් කඩොලාන ගැන පමණක් නොව ඉන්දියාවේ කඩොලාන සංරක්ෂණයේ ප්‍රජා වීරයන් ගැන ද සාකච්ඡා කර තිබෙනවා. මඩොල් දූවෙහි (1947) එන මේ කොටස බලන්න.

“ගං ඉවුර කිරල ගසින් හා කඩොල් ගසින් ද කැරන් පඳුරින් ද සෙවණ කරනු ලැබූවකි. ඝනව වැඩුණු කැරන් පඳුරුවල කැරන් කොකු විශාල කළිස්සන් වැන්න. දියෙන් නැඟුණු කිරල මුල් දූපතට මිනිසුන් ගොඩ බසිනු වළකනු පිණිස සිටුවන ලද යවුල් සේ මා බිය ගැන්වීය”.

අද දවසේ වුවද මඩොල් දූවේ සංචාරය කරන ඔබට මෙම දර්ශනය පොදු අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැත. කඩොලාන පරිසර පද්ධතියක් මෙතරම් චිත්තාකර්ශනීය ලෙසත්, චිත්තරූප මැවෙන ලෙසත් ඉදිරිපත් කෙරුණු වෙනත් අවස්ථාවක් මෙතෙක් මා දැක නැත.

කොග්ගල වූ කලී එක් පැත්තකින් මුහුදින් ද අනිත් පැත්තෙන් සුන්දර නදියකින් ද සීමා වුණු බිම් තීරයෙකි. පීත්ත පටියක් සේ දිවෙන ගාලු – මාතර පාරෙන් වෙන් කරනු ලැබූ මෙහි වෙරළබඩ වනාහි, ගමෙහි සුලභ ගෙයක මිදුලට හෝ ආලින්දයට හෝ සමකළ යුත්තකි. ගාලු -මාතර පාර ළඟින්ම දිවෙන රේල් පාර, පස් කන්දක් මතුයෙහි හොවන ලද, පටන් ගැන්ම හෝ කෙළවර හෝ නොදැක්ක හැකි හිණක් වැන්න. පස් ගොඩ ගැසීමෙන් තනන ලද රේල් පාර බිමින් ද මහ පාරින් ද අඩි කීපයක් උස් වූවකි. පස් කැපීමෙන් හෑරුණු අගල්, රේල් පාර දෙපැත්තෙහි තැනින් තැන දැක්ක හැකි ය. අසල වන අගලක්, ඇතැම්විට ඕලු නෙළුම් හා මසුන් ද සහිත කුඩා විලක විලාසය ගනී.

මේ ගම්පෙරළිය (1941) නව කතාවේ ආරම්භය. ඔබ අද දකින කොග්ගල මෙයින් වෙනස් වන්නේ කිනම් පරාසයකින් ද? සියලු අවකාශයන් කාලයත් සමග වෙනසකට බඳුන් වේ. නමුත් කාලයේ බලපෑම අවම කරමින් යම් භූ අවකාශයක තිබෙන සොබා – සංස්කෘතික වපසරිය මෙසේ ගොනු කොට හැක්කේ සැබවින්ම පැතිරුණු දැණුමක් සහ සියුම් නිරීක්ෂණ ඇසකින් යුතු ප්‍රාඥයකුටම පමණි.

මාර්ටින් වික්‍රමසිංහයන් විධිමත් පාසල් අධ්‍යාපනයක් ලබා නැත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා නැත. එසේ වුවත් ඔහු ස්වෝත්සාහයෙන් කියවීමෙන් ළඟා කර ගන්නා ලද දැනුම, තමන් තුළ වූ නිසඟ හැකියාවන් සමග මනා ලෙස මුසු කිරීමෙන් ගොඩනැඟුණු මහා ප්‍රාඥයකි. අද දවසේ අප කල්පනා කළ යුත්තේ අපගේ අධ්‍යාපන ක්‍රමවේදයන්, පද්දති හරහා මතු සඳහන් කරන ලද කුතුහලයෙන් පරිසරය නිරීක්ෂණය කරන, ඒවා විශ්ලේෂණය කිරීමට උත්සාහ කරන සහ කියවීම හරහා ඒවා පෝෂණය කර ගැනීමට හැකි විචාර බුද්ධියක් සහිත සහ නිර්මාණශීලී දරුවන් පරම්පරාවක් නිර්මාණය කර ගැනීමට අපට හැකිව තිබේද යන්න පිළිබඳවයි.

අප පරිසරය පරිසර සංරක්ෂණය පිළිබඳව කොතරම් සාකච්ඡා කළත් මෙවැනි පුළුල් දැක්මක් සහිත වගකීම් සහගත පුරවැසියන් ගොඩනැඟීම අපගේ පළමුවන කාර්යය වනු ඇත. ඒ සඳහා සාහිත්‍යයට තිබෙන කාර්යයභාරය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතිවල අප දකින සොබා ඇසින් මොනවට පැහැදිලි වේ. අපගේ උත්සාහය එවැනි පරපුරක් තුළින් අනාගතය දකින්නටය.

මේ සති අන්තයේ ඔබට වික්‍රමසිංහයන්ගේ කෘතියක් තුළින් වෙරළ-කලපු පරිසර පද්ධතියකට ගොඩවදින්නටත්, එහි අතීත ගැහැනුන් – මිනිසුන් සමග සම්මුඛ වන්නටත්, හැකියාවක් ඇත්නම් මඩොල් දූවේ සංචාරයක් ගොස් එහි වර්තමානිකයන් හමුව මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයට ගොස් අතීත මතකයන්වල සාක්ෂි නරඹන්නටත් මා ඔබට ආරාධනා කරමි.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
රුහුණ විශ්වවිද්‍යාලය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
අතිරේක විශේෂාංග

භාෂාවේ සංස්කෘතික මුහුණුවර හේතුවෙන් සංස්කෘතික ප්‍රකාශන පරිවර්තනය කිරීම අභියෝගාත්මකයි

අතිරේක විශේෂාංග

ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !

අතිරේක විශේෂාංග

බොලපැන් පූජාවෙන් පිදුම් ලබන සුමන සමන් දෙවියෝ

අතිරේක විශේෂාංග

ථේරි ගී සරණිය…..

අතිරේක විශේෂාංග

උරුමය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok