HUTCH Sri Lanka සමාගම Rainforest Protectors Sri Lanka සමග එක්ව ක්‍රියාවට නංවනු ලබන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. මෙය පරිසරයේ යහපත හා තිරසාරත්වය උදෙසා HUTCH Sri Lanka සමාගම ඉටුකරමින් සිටින දීර්ඝකාලීන මෙහෙවරෙහි නවතම පියවරයි.
බලංගොඩ රජවක රක්ෂිත වනාන්තර භූමිය තුළ මෙම වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබේ. මෙවැනි වැඩසටහන් ඔස්සේ පරිසරය හා ජෛව විවිධත්වය සුරකින අතරම, පරිසරයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම HUTCH Sri Lanka සමාගමේ අරමුණ වී ඇත.
ව්‍යාපෘතියේ දෙවැනි අදියර 2025 මැයි 16 වන දින ක්‍රියාවට නංවන ලද අතර, HUTCH Sri Lanka සමාගමේ සහ Rainforest Protectors Sri Lanka සංවිධානයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ඊට සහභාගි වූහ. මෙහිදී පැළ සිටුවීම වැනි පියවර ඔස්සේ රජවක රක්ෂිත වනාන්තර භූමියේ හානියට පත් වී ඇති ස්ථානවල වන ආවරණය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය මූලික පියවර ගන්නා ලදී.
“HUTCH වැනි හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීම මගින් අපට අපගේ මෙහෙවර වඩාත් පුළුල් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. HUTCH වෙතින් මෙම ව්‍යාපෘතියට ලැබෙන සහයෝගය, පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දායකත්වය ලැබීමේ වැදගත්කම පෙන්වා දෙන මනා උදාහරණයක්.” Rainforest Protectors Sri Lanka සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පැවසීය.
අදියර කිහිපයක් යටතේ ක්‍රියාවට නැංවෙන මෙම වන සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඉදිරියේදී තවත් පාර්ශ්වයන්ද දායක කරගැනීමට HUTCH සමාගම බලාපොරොත්තු වෙයි. මෙය පරිසරය සුරැකීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් මගින් ඉටුවන මෙහෙවරට මනා උදාහරණයක් ලෙසද හැඳින්විය හැකි වේ.