AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මේ වසරේ දී මෙරට වැඩිම කාලයක් පුරාවට අඛණ්ඩව සිදුකරමින් පවතින සමාජ සද්කාර්යයක් වන AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ 30 වන සංවත්සරයට සමගාමීව, සිය වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය නොබෝදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. මෙම උත්සවයේ දී ශිෂ්‍යත්වලාභී සිසු දරුදැරියන්ගේ ජයග්‍රහණයන් ඇගයීමට ලක්කරන ලද අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගිව සිටි, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සභාව අමතමින් “පළමුකොට මා ඉතාමත් සතුටට පත්වෙනවා මේ දරුවන්ට ආමන්ත්‍රණයක් කිරීමට අවස්ථාවක් ලැබීම ගැන. මොකද මගේ පාසල් දිවියේ මා ශිෂ්‍යත්ව දෙකක් දිනා ගත්තා. එකක් 7වන ශ්‍රේණිය සමත් වෙලා රජත මයුර කියන ශිෂ්‍යත්වය. එය ලැබිලා මට රත්නපුර හිදල්ලෙන සීවලී සෙන්ට්‍රල් පාසලට යන්නට ලැබුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ මහපොළ ශිෂ්‍යත්වය ලැබුණා. ඒ කාලේ හැමෝටම මේ ශිෂ්‍යත්ව ලැබුණේ නැහැ. ඒ කාලේ හැටියට රජත මයුර ශිෂ්‍යත්වයට ලැබුණේ රුපියල් 150/-යි. ඒ 1975 වසරේ දී. මහපොළ ගත්ත දෙවැනි batch එකේ කෙනෙක් මම, මාසයකට ලැබුණේ රුපියල් 350/- ඒ 1982 දී. දැන් මහපොළ ශිෂ්‍යත්වයට රුපියල් 7500/-ක් පමණ ලැබෙනවා. ඉතින් ශිෂ්‍යත්ව 2ක් ලැබුණ කෙනෙක් හැටියට, මේ දරුවන් වෙනුවෙන් වචන කිහිපයක් කථා කරන්න පුළුවන් කියල මට හිතුනා. ශිෂ්‍යත්වයක් ලබා ගත් දරුවන් හැටියට ඔයාලට විශාල වගකීමක් තිබෙනවා. මගේ වෘත්තීය ජීවිතයට දැන් වසර 34ක් පුරාවිද්‍යාඥයෙක් හැටියට රටේ ඉතිහාසය හොයන කෙනෙක් හැටියට ඒ වගේම scientist කෙනෙක් හැටියට මේ දරුවන්ට පමණක් නොවෙයි මේ රටේ ජීවත්වන හැම වෘත්තිකයකුටම මා මේ දේ කියනවා. අපි සියලු දෙනාටම යුතුකමක් තියෙනවා අපි ලබා ගන්නා වෘත්තීන් ඇතුලේ රට ජාතිය වෙනුවෙන් සේවය කරන්න. මම ආචාර්ය උපාධිය ගත්ත වෙලාවේ උප්සලා විශ්වවිද්‍යාලයේ දී, මගේ මහාචාර්යවරයා කිව්වා මට නවතින්න කියල එහෙ department එකේ උගන්නන්න. එත් මගේ උත්තරය වුණේ බැහැ කියන එක. එහෙම කියල මේ රටේ කැලේ ඇවිද ඇවිද මම මගේ රට වෙනුවෙන් කෙරෙන්න තියෙන කාර්යභාරය සිදුකළා. රටට සේවය කරන්න අවශ්‍ය බව අමතක කරන්න එපා එහෙම කළොත් අපි ණයයි අපේ රටට. මේ සමාගම් පවා මේ වගේ ආයෝජනයන් මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරලා තියෙන්නේ පෙරලා රටට සේවයක් කරයි කියන බලාපොරොත්තුව ඇතුව. ඒ නිසා ඔබ සියලු දෙනා වගකීමෙන් බැඳී සිටිනවා ඒ වගකීම AIA සමාගමට පමණක් නොවෙයි සමස්ත රටටම. ඔබලා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔබගේ අනාගත වෘත්තීන් වෙත ප්‍රවිෂ්ට වෙලා සාර්ථක ගමනක් යන්න, පිට රට ගිහින් ඉගෙන ගන්න. ඒ වගේම අමතක කරන්න එපා රට බලාගෙන ඉන්නවා ඔබ සියලු දෙනා මේ රටට ආපහු ඇවිත් යුතුකම් ඉෂ්ට කරයි කියල.
Reading: 30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්