මෙකළ යාපනය ලෙස හඳුන්වන ප්‍රදේශය අතීතයේ දී හඳුන්වන ලද්දේ නාග ද්වීපය යනුවෙනි. වල්ලිපුරමෙන් හමු වූ වසභ රාජ්‍ය සමයට අයත් එනම් දෙවන සියවසට ගැනෙන රන් සන්නසේ සඳහන් නකදිව යනු නාග ද්වීපයයි. ‘අමතෙ ඉසිගිරයෙ නකදිව බුජමෙහි‘ යනුවෙන් එහි දක්වා ඇති අතර පියගුකතිස නම් විහාරයක් කරවා ඇති බව සඳහන්ව ඇත. වර්තමාන වඩමාරච්චි තෙන්මාරච්චි පච්චලේපල්ලේ සහ මලලගම නොහොත් මල්ලාකම් යන ප්‍රදේශ තුන ද ඩෙල්ෆ්ට් කයිට්ස් පුන්ගුඩු දිව් නයිනතිව් කාරතිව් කච්චතිව් ආදී දූපත් සමූහය ද නාග ද්වීපයට අයත්ය. ක්‍රි. වර්ෂයට පෙර වසර හත්දාහකට පමණ පෙර සිදුවූ මුහුදු ගොඩගැලීම් සහ ස්වභාවික වෙනස්කම් නිසා වර්තමාන යාපන අර්ධද්වීපය මෙවැනි භූ විෂමතා ලක්ෂණ අනුව නිර්මාණය වී ඇත. ටොලමිගේ සිතියමේ දක්වන නාගදීප වර්තමානයට වඩා වෙනස් වන්නේ මෙම වෙනස් කම් නිසා බව පැහැදිලිය.
නාගද්වීප නාමය ඇති වන්නේ නාග නම් ජන කොටසක් එහි ජීවත්ව සිටි බැවින් සහ පාලනය කළ නිසා බව කියැවෙන අතර මයියංගනය අසළ ව්‍යවහාර වන නාග ද්වීප නාමය නිසා ඒ සම්බන්ධව මත බේදයක් ද ඇති වී තිබේ. මේ නාගයන් උතුරේ මෙන්ම රුහුණේ ද ජීවත්ව සිටි බැවින් රුහුණු නාග ද්වීප ව්‍යවහාරය පවතින බව විද්වතුන්ගේ මතයයි. මේ මතබේදය නිසා බුදුන්වහන්සේ වැඩම කළ නාග ද්වීපය පිළිබඳව වැරදි අර්ථ කථනයක් ද සමාජ ගතව තිබේ. චූලෝදර මහෝදර නා රජුන් අතර මිණි පළඟ උදෙසා ඇති වූ ගැටුම සහ බුදුන්වහන්සේ එය සමනය කිරීමට වැඩම කිරීම යන කාරණා මහා වංශය සහ මහා වංශ ටීකාව වැනි ග්‍රන්ථයන් හි දක්වා තිබේ. මහා වංශ ටීකාවේ 45 වන ගාථාවේ සිට ඒ බැව් විස්තර වේ. බුදුන්වහන්සේගේ නාගදීපාගමනය නිසා නාගයන් බෞද්ධයන් වූහ. පර්වතවාසී නාගයන් වූ චූලෝදරයන් මහෝදරගේ බෑනණුවන් වූහ. ඔවුන් ජීවත් වූ ප්‍රදේශය වර්තමාන මුලතිව් දිස්ත්‍රික්කයේ නෙදුන්කර්නි අසල තිබෙන පැරණි බෞද්ධ ආරණ්‍යයක් වූ වඩ්ඩමාන පර්වත ප්‍රදේශය බව පී. වීරසිංහ මහතා සිය ‘නාගයන්ගේ පා සටහන්‘ නමැති කෘතියේ පෙන්වා දී තිබේ. පර්වතවාසී නාගයන් අභ්‍යන්තර පරිපාලනයේ යෙදුණු අතර සමුද්‍රවාසී නාගයන් නාවික ගමනා ගමනයේ ද යෙදුණු බව විවිධ විද්වතුන් පෙන්වා දී ඇත. මේ නිසා දිවයින වටා තිබෙන මුහුදු තීරයේ පසු කාලයේ ඉඳිකරන ලද විවිධ බෞද්ධ සිද්ධස්ථානයන්ට මේ සමුද්‍රවාසී නාගයන්ගේ ඍජු අනුග්‍රහය ලැබී ඇතැයි කිව යුතුය. නාවික වෙළෙඳාමේ නිරත වී සිටීම නිසා මේ නාග ජන කොටස ධනවත් පිරිසක් විය. එම නිසා අනුරාධපුර යුගයේ පසුකාලීන රජවරු නාග අභිධානය යොදා ගෙන තිබේ. ඛල්ලාට නාග චෝරනාග ආදී නම් අපට රාජාවලියේ හමුවන්නේ එම නිසා යැයි සිතිය හැකිය.

උතුරු දඹදිව රාජ්‍ය පාලනයෙහි නියුතු ශාක්‍ය වංශය මුල් සූර්ය වංශයට අයත් ශාඛාවකි. මේ වංශාවලියට අයත් රාජාවලිය බුදුන් ජීවමාන කාලයේ දීම අර්බුදයට පත් විය. විඩූඩභ විසින් ශාක්‍යවංශය විනාශ කිරීමට තැත් කිරීම හේතු කොටගෙන බොහෝ කුමාරවරු ලක්දිවට පැමිණියහ. විශේෂයෙන්ම නැඟෙනහිර පළාතේ තිබුණු තඹ නිධි නිසා එය වටා සංවර්ධනය වූ ආර්ථික තත්ත්වයන් නිසා කුඩා ප්‍රාදේශීය රාජ්‍ය බිහි විය. මේ වන විට අනුරාධපුර කේන්ද්‍ර කොට ගෙන ඇතිව තිබූ බෞද්ධ රාජ්‍යය ව්‍යාප්ත කරලීමට හේතු වූ රාජ්‍ය අනුග්‍රහය වැඩි වර්ධනය වන්නේ පෙර සඳහන් කළ නැඟෙනහිර ශාක්‍යවංශිකයන්ගේ ක්‍රියාකාරිත්වයයි. ජයශ්‍රී මහා බෝධි රෝපණ උළෙලට රුහුණෙන් පැමිණි ක්ෂ්ත්‍රියන් චන්දන ග්‍රාමවාසීන් විය. මෙවකට නාගද්වීපවාසී රජවරුන් දීපවාසී කෂ්ත්‍රියන් විය. ජයශ්‍රී මහා බෝධිය වඩමවා පැමිණි පසු ඒ සමග පැමිණි ක්ෂ්ත්‍රිය කුමාරවරුන් නාග ද්වීපයේ එවක මලලගම පෙදෙසෙහි පදිංචි කරවා ඇත. වර්තමානයේ චුලිපුරම් යනුවෙන් ව්‍යවහාර වන්නේ ඔවුන් ජීවත් වූ කලාපයයි.

දේවානම් පියතිස්ස රජ දවස දී සිදු වූ මේ පරිවර්තනය නිසා නාගද්වීප ප්‍රදේශයේ විශාල බෞද්ධ සිද්ධස්ථාන රාශියක් බිහි විය. ශ්‍රී මහා බෝධිය පිළිගත් ස්ථානය වන දඹකොළ පටුනේ ජම්බුකෝළ විහාරය ද ප්‍රාචීනාරාමය සහ තිස්ස විහාරය ද තනා පසුව ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් තිස්ස මළුවෙහි ද රෝපණය කරවා ඇත. ක්‍රි.ව. 136 දී මහළුනා රජතුමා අතින් ඇල්ගිරිය විහාරය ද ඒ රජුම තිනවේලි විහාරය ද කණිෂ්ඨතිස්ස රජතුමා රාජායතන ධාතු ගෘහය ද වෝහාර තිස්ස රජතුමා තිස්ස විහාරයේ ඡාතු කර්මය ද ගොළුනා සෙනෙවියා විසින් තිස්ස විහාරයේ ප්‍රාකාරය ද තුන්වන අග්බෝ රජු රාජායතන ධාතු ගෘහයේ ප්‍රතිසංස්කරණයක් ද පළමුවන විජයබාහු රජු ජම්බුකෝල විහාරය ප්‍රතිසංස්කරණය ද කර තිබේ. මේ පිළිබඳ වංශකතා රැසක සඳහන්ය. යාපන අර්ධද්වීපයේ පස වැලි මිශ්‍ර හුණුගලින් යුක්තය. ග්‍රැනයිට් පාෂාණ එහි දක්නට නැත. මේ නිසා ඉඳිකිරීම්වලදී බහුලව යොදා ගනු ලබන්නේ හිරිගල්ය. පශ්චිමාරාමය නොහොත් වර්තමාන කඳුරුගොඩ විහාරයේ තිබෙන ස්ථූපයන් සකස් තර තිබෙන්නේ මේ හිරිගල් වලිනි. ඒ සමගම සෑම බෞද්ධ සිද්ධස්ථානයක් අසලම සෑහෙන ප්‍රමාණයේ පොකුණක් දක්නට ලැබේ. ඒවා ඉඳිකිරීමට හිරිගල් මෙන්ම කළුගල් ද යොදවා ඇත. ලන්දේසි යුගයට අයත් 1719 දී අඳින ලදැයි සැළකෙන තවත් සිතියමක වැලිගම වඩමරච්චි යන පළාත්වල සකස් කළ පොකුණු සහ ඒ අසළ පැවති බෝධින් වහන්සේලා පිළිබඳ සටහන් ඇඳ තිබේ. ඉන් එක් තැනකි ජයශ්‍රී මහා බෝධියේ පළමු අංකුර අටෙන් එකක් රෝපිත චුල්ල පුරය. විශාල වෙල් යායක දූපතක් වැනි ස්ථානයක රෝපිත මෙම බෝධිය අදටත් සශ්‍රීකව පවතී. එහි තිබූ ලී කැටයමක රජු ශ්‍රීමහා බෝධිය වඳින ආකාරය දක්වා තිබේ. තිස්ස මළුවට පහළින් චාන්ගනේ නම් නගරයේ පල්ලියක් අසළ ස්ථූපයක නටබුන් ඇත. එයටත් පහළින් කදුරුගොඩයි. රහතුන් වහන්සේලා හැට නමක් අදාහනය කළ තැන වශයෙන් එය සැළකේ. මාවඩිපුරම් හි වර්තමන කෝවිල එකළ කතරගම දේවාලයකි. ඒ අසල විහාරයක් ද තිබී ඇති අතර එහි තිබූ බුදුපිළිම දුම්රිය ස්ථානය කැණීමේ දී සම්මුඛ වී තිබුණි. අතීතයේ දී වැලිගම යනුවෙන් හඳුන්වා ඇති ලන්දේසි සිතියම්වල වැලිගමු යනුවෙන් දක්වා ඇති වර්තමාන වලිකාමම් පෙදෙස තුළ ද විශාල වශයෙන් බොදුනු සළකුණු දක්නට ඇත. ඒ අතර තයියඩි වසමේ තිස්ස විහාර නටබුන් මයිලඩි වසමේ බෞද්ධ නටබුන් දක්වත හැකිය. කාරදිවයිනේ වෙහෙර පිටිය නම් ස්ථානය බුදුන්වහන්සේ බෝධිසත්ව අවදියේ තොරතුරු දක්වන ස්ථානයක් ලෙසින් ප්‍රකටය. එම තොරතුරු අක්තිති ජාතකයේ විස්තර කර තිබේ. එයට අමතරව ඩෙල්ෆ්ට් දූපතේ බෞද්ධ ස්ථූපයන් විශේෂිතය.

මෙම ස්ථාන වර්තමානය වන විට විශාල සමාජ සහ දේශපාලන පරිවර්තනයන්ට ලක්ව තිබේ. සංඝමිත්තා බෝධිය තිබූ තැන පොකුණට යාබදව කෝවිලක් ඉඳිකර තිබෙන බව දැක්විය හැකිය. වෙහෙරපිටිය බෞද්ධ නටබුන් මත නිවාස ඉඳිකර තිබෙන බැවින් පුරාවිද්‍යා ගවේශනයකට පවා ඉඩකඩ නැතිය. බි්‍රතාන්‍ය යුගයට පෙර යාපන අර්ධද්වීපයේ පැවතියේ දේවාල පමණකි. නල්ලූර් දේවාලය ද මාවඩිපුරම් දේවාලයද කතරගම දේවාල වෙති. උතුරේ මෙන්ම දකුණේ ද කෝට්ටේ යුගය වන විට දේවාගම සශ්‍රීකව පැවතිණ. දේවාගම ජන ආගම් ඇදහිලි යාතුකර්ම සහ අභිචාර විධි සමග සම්බන්ධය. උදාහරණයක් දක්වතොත් පත්තිනි සළඹ තැන්පත්ව ඇති දේවාල මුල් කරගෙන සංවිධානය වන මඩු නැටීම දක්වත හැකිය. මේවා කාලයක් තිස්සේ පැවත පැමිණ දේවාල සංස්කෘතියත් සමග සිංහල බෞද්ධ සම්ප්‍රදායට එකතු වී තිබේ. මෙම සම්ප්‍රදාය බිඳ වැටුණේ යටත් විජිතවාදීන්ගේ සැලසුම් නිසාවෙනි. බෞද්ධ වෙහෙර විහාර උඩ රෙපරමාදු පල්ලි ඉඳිකිරීම නිසා ද බෞද්ධ මුදලිවරුන් ඝාතනය කිරීමෙන්ද මිෂනාරි ප්‍රයත්න සාර්ථක වේ යැයි ලන්දේසින් සිතූහ. බල්දෙයස් පූජක තැනගේ ග්‍රන්ථයෙන් ඒ බැව් පැහැදිලි වේ. බි්‍රතාන්‍ය යුගයේ ආරම්භයේ දීම අරුමුගම් නාවලර් මුල් කරගෙන යාපන අර්ධද්වීපයේ කෝවිල් 300 ක් සෑදවීමට බි්‍රතාන්‍ය රජය උත්සුක වී තිබේ. :එයැ සබාස්බ ැජදබදපසජ ්බා ිදජස්ක ්‍යසිඑදරහ ඍැඩසඇ –්‍යැකප්බ ර්ව්බ්හ්ට්ප* මෙයට වියදම් කරන ලද්දේ පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමයි. බි්‍රතාන්‍යයන් මෙවැනි අදියරකට එළඹුණේ යාපනයේ ක්‍රිස්තියානිකරණය අසාර්ථක වීම නිසාය. පළමුව බෞද්ධ වෙහෙර විහාර ඉවත් කිරීමත් දෙවනුව ක්‍රිස්තියානි අදහිල්ල ප්‍රකට කිරීමට ලන්දේසි යුගයේ දී යාපනයේ පදිංචි කළ මලබාර් වහලුන් ක්‍රමානුකූලව ක්‍රිස්තියානිකරණයට ලක් කිරීමත් අසාර්ථක වීම නිසා මෙම සැලසුම් ක්‍රියාත්මක විය. උඩරට රාජධානිය බිඳ වැටීමත් සමස්ත දිවයිනම ඉංග්‍රීසීන්ගේ අණසකට යටත් වීමත් නිසා මේ සඳහා නීති රීති පැණවීමටත් පහසු විය. 1806 දී මලබාර් පදිංචිකරුවන් සඳහා තේසවලාමෙයි නීතිය ගැසට් කරනු ලබනුයේ යාපන දිශාවේ සිංහල බෞද්ධ උරුමය නැවත ඇති නොවනු පිණිසය. එය සාර්ථක වූ අතර බෞද්ධ නටබුන් ගලවා කෝවිල් සෑදවීමටත් යටත් විජිත ගොඩනැඟිලි තැනවීමටත් යොදා ගැනීම නිසා උතුරේ බෞද්ධ පරිසරය සහමුලින්ම වෙනස් කර ඇත.
මතුගම සෙනෙවිරුවන්
නාගදීපය
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි අවුරුද්දේ බක් මස අව පසළොස්වක පෝදා නාගදීපයට වැඩම කළ බව අපේ වංසකතාවල සඳහන් වෙයි. චූලෝදර – මහෝදර යන නා රජුන් දෙදෙනා එදා මිණි පලඟක් නිසා සටන් වැදී සිටියහ. දෙපිරිස මැදට පැමිණි බුදුරදුන් දුටු විගස දෙපිරිසම උන්වහන්සේ කෙරෙහි පැහැදී සරණ ගියහ. අනතුරුව දෙපිරිස එක්ව මිණි පලඟ බුදුන් හට පිදූහ. උන්වහන්සේ එය පිළිගෙන එහි වැඩ හිඳ බණ දෙසූහ. අනතුරුව එම මිණි පලඟ නිදන් කොට රාජායතන චේතිය එහි තනවනු ලැබීය. බුදුන් මහියංගණයට වැඩි ප්‍රථම ගමනේදී මහියංගණ සෑය සමන් දෙවියන් විසින් සෑදවූ පරිදි මෙම දෙවැනි ගමනේදී නා රජුන් විසින් රාජායතන චේතිය විහාරය මිණි පලඟක් තැන්පත් කොට සාදනු ලැබීය.
නාගරිදීපය නම් වර්තමාන යාපනයයි. එය අයත් වන්නේ ත්‍රිසිංහලයේ පිහිටි රටටයි. අනුරාධපුර රාජධානි සමයේදී පිහිටි රට උතුරු ප්‍රදේශයේ උත්තරපස්ස හෙවත් උතුර්පය නමින් ද ප්‍රකට විය. එය ඇත්ත වශයෙන් නාගදීප යන පුරාණ නම වෙනුවට යෙදී ඇත. නාගදීපයෙහි බුදුරදුන් වැඩම කළා වුත් ධර්ම දේශනා කළා වූත් ස්ථානය දැනට කන්දරෝඩ නමින් හඳුන්වනු ලබන ස්ථානය බව උගතුන්ගේ නිගමනයයි.
තන්දරෝධය ගැන මුලින්ම ගවේෂණ කළේ යාපනයේ දීසා විනිසුරුව සිටි සර් පොල් ඊ. පීරිස් මහතායි. එතුමා කළ ගවේෂණවලදී පොළොන්නරුවේ සිංහල රජවරුන්ගේ ද ලීලාවතී රැජිනගේ ද කාසි සොයා ගනු ලැබීය. ඒ 1917 දීය. ලීලාවතී රැජිනගේ (1197-1200) කාසි 60 ක්ද, සාගස්සමල්ලගේ (1200-1202) කාසි 105 ක්ද, ධර්මාශෝකගේ (1208-1209) කාසි 10 ක්ද විය. පුරාවිද්‍යා කැණීම් 1966 දී ආරම්භ කිරීමෙන් පසුව පුරාවස්තු රාශියක් මතු විය. එක තරම් වගේ කුඩා දාගැබ් සමූහයක් ළඟ ළඟම සාදා තිබී හමුවීම විශේෂ ලක්ෂණයකි. මේ එක් දාගැබක විෂ්කම්භය අඩි 8ත් 12 ත් අතර වේ. කැණීම් අරඹන විට මේවා තිබුණේ එවකට පිහිටි පොළෝ මට්ටමින් අඩි තුනහමාරක් පමණ යටිනි. 1978 වන විට මෙවැනි කුඩා දාගැබ් 50 කට වඩා සොයා ගෙන සංරක්ෂණය කර තිබෙනු මා එහි ගිය විට මට දකින්නට ලැබිණි. ඊට අමතරව කොත්කැරලි, ගල් කරඬු, ගල් කැටයම්, සිරිපතුල් ගල්, මුර ගල්, නෂ්ටාව ශේෂ රාශියක් මෙහි කැණිම්වලදී හමුවී තිබුණි. අක්කර 3 පර්චස් 33.8 ක් වූ පුරාවිද්‍යා තහනම් ඉඩමෙහි කළ කැණීම්වලදී හමුවූ පුරාවස්තු රාශියකි. මෙම ස්ථානය නම් පොතේ සඳහන් කදුරුගොඩ විහාරය විය හැකි බව පුරාවිද්‍යා කොමසාරිස් කියයි.

මල්ලිපුරම් රන් තහඩු ලිපිය අනුව වසභ රජතුමාගේ (6-105) ඇමැතියකු වූ ඉසිගිරි නකදිව පාලනය කළ බවත් බදකරඅතන නම් වූ තැන පියගුකතිස විහාරය කරවූ බවත් නිසැකය. මෙයින් ගත හැකි තවත් අදහසක් නම් මුළු මහත් යාපනේ අර්ධද්වීපය හා අසල පිහිටි දූපත් නකදිව නම් වූ පළාතට අයත් වූ බවයි. නාගදීපයෙහි පුවංගුදීපයෙහි කලක් භික්‍ෂුන් 12,000 ක් වැඩ සිටි බව රසවාහිනියෙහි දැක්වේ. මෙය දැනට පුන්ගුවුතිව් නමින් ප්‍රකට දූපතයි.
නාගදීපයේ වූ තවත් වැදගත් ස්ථානයක් වූයේ දඹකොළපටුනයි. ශ්‍රීමහා බෝධි ශාඛාව වඩමවා ගෙන එනු ලැබුවේ මෙතැනටයි. දෙවැනිපෑතිස්ස රජතුමාම එහි ගොස් බෝධි ශාඛාව පිළිගත්හ.
ආචාර්ය සෝමපාල ජයවර්ධන
(සිංහල දේශික විශ්ව කෝෂය)