සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් හතර දෙනකු ඇතුළත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්ව සිටින නවක ක්‍රීඩකයන් වන්නේ විසිපස් හැවිරිදි පසිඳු සූරියබණ්ඩාර, විසි දෙහැවිරිදි පවන් රත්නායක, විසිඅට හැවිරිදි ඉස්ත විජේසුන්දර සහ විසිනව හැවිරිදි තරිඳු රත්නායකයි. මේ ක්‍රීඩකයන් සියලුදෙනා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් පෑ ක්‍රීඩකයෝ වෙති.
තවද නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරී පත් වූ අකිල ධනංජය ද මේ සංචිතයට එක්ව තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව සමුගැනීම ද සිදුවෙයි.
තවද ඕස්ටේ්‍රලියානු තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම, පිට දඟපන්දු යවන්නා වූ රමේෂ් මෙන්ඩිස් සහ නිශාන් පීරිස්ටත් පා දඟ පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේටත් අමතරව වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දුටත් ස්ථාන අහිමිවීම විශේෂත්වයකි.
ආබාධයක් නිසා මෙම සංචිතයට වේග පන්දු යවන ළහිරු කුමාර ඇතුළත් නොවන අතර ඒ වෙනුවට නවක ක්‍රීඩක ඉස්ත විජේසුන්දර නම්කර තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2කින් සමන්විත පළමු තරගය අද පැවැත්වෙන අතර 02 වැනි ටෙස්ට් තරගය ජුනි 25 වැනිදා සිට 29 දක්වා කෙෘළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම
ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනුෂ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ඉස්ත විජේසුන්දර
සුසිල් ජයකොඩි