පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී ධීවරයින් දෙදෙනකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇත. තව එක් අයකු දිවි බේරාගෙන ඇති බව පානදුර ධීවර වරාය කාර්යාලය සඳහන් කරයි.
පෙරේදා (15 දා) පස්වරුවේ මුහුදු ගිය මතූෂ පුතා නමැති ධීවර යාත්‍රාව මෙසේ මුහුද මැද පෙරළී ගොස් ඇත.
එගොඩ උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි ප්‍රසංග කුරේ නමැති විවාහකයකු සහ සමන්ත පීරිස් නමැති 51 හැවිරිදි දෙදරු පියකු මෙහිදී අතුරු දන්ව ඇති බව ද පොලිසිය කීය.
ධීවරයින් තිදෙනා ගමන්ගත් යාත්‍රාව රළ පහරට හසුව පෙරළී ඇත. ඔවුන් පැළඳ සිටි ආරක්ෂක කබායන් ද මූහුදේ පාවෙමින් තිබෙන අයුරු දැකගත හැකිවිය.
ධීවරයන් තිදෙනා පෙරලීගොස් ඇති බෝට්ටුවේ මද වේලාවක් එල්ලී සිට ඇති අතර, අනෙක් දෙදෙනා එක්වරම රළපහරට හසුව නොපෙනී ගිය බව දිවි ගලවාගත් එරංග ප්‍රදීප් මහතා පැවසීය.
අතුරු දන්ව ඇති පුද්ගලයන් සොයා වෙරළ ආසන්නයේ ජීවත ආරක්ෂක නිලධාරීන් සහ ධීවරයින් නිරීක්ෂණය කරමින් සිටින අතර, මුහුදේ රළු ස්වභාය හේතුවෙන් යාත්‍රා දියත් කිරීමට නොහැකිව තිබුණි.
වාද්දුව සුමිත් පොතුපිටිය