කොළඹ – රත්මලාන ගුවන්තොටුපළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඊයේ (16දා) දේශීය වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ ගුවන්යානා මෙහෙයුම් බලපත්‍රය (Air Craft Operation Certificate) පිරිනමා තිබේ.
මෙම ගුවන් ගමන සඳහා පැය 01 යි විනාඩි 20ක් ගත වන අතර මේ සඳහා මෙම ගුවන් සමාගම සෙස්නා – 280 ගුවන් යානයක් සූදානම් කර තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ ද මේ වනවිට අභ්‍යන්තර ගුවන් මගී පර්යන්තයක් ඉදිවෙමින් තිබෙන අතර එහි වැඩ කටයුතු නිමවූ පසුව විදේශීය රටවල ගුවන් මගීන්ට එතැන් සිට යාපනය දක්වා ගුවන් ගමන් පහසුකම් සලසා ගත හැකිය. එමගින් සංචාරක ගමනාන්තයක් ලෙස යාපනය සංවර්ධනය කිරීමේ ඉලක්කය ද පහසුවෙන් සපුරා ගත හැකිය.
මෙම ගුවන්යානා මෙහෙයුම් බලපත්‍රය පිරිනැමීම කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේදී සිදු වූ අතර එහිදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා විසින් සීමාසහිත ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගමේ බලය ලත් කළමනාකරු විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ඕ.ඩී.එන්.එල්.පෙරේරා මහතා වෙත මෙහෙයුම් බලපත්‍රය පිරිනැමීම සිදු විය.
කටුනායක – ටී. කේ. ජී. කපිල