Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ පුරපති පුටුව මාලිමාවේ බල්තසාර්ට – කැලීට ඡන්ද 61යි: රීසාට 54යි – තේරුවේ රහස් ඡන්දයෙන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ පුරපති පුටුව මාලිමාවේ බල්තසාර්ට – කැලීට ඡන්ද 61යි: රීසාට 54යි – තේරුවේ රහස් ඡන්දයෙන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කොළඹ පුරපති පුටුව මාලිමාවේ බල්තසාර්ට – කැලීට ඡන්ද 61යි: රීසාට 54යි – තේරුවේ රහස් ඡන්දයෙන්

June 17, 2025
951 Views

එකතු වෙලා කොළඹ හදමු – නව පුරපතිනිය කියයි
1956න් පසුව බල පෙරළියක්
විපක්ෂයේ 69-54 වෙයි-මාලිමාවේ 48-61 වෙයි
ඡන්ද දෙකක් ප්‍රතික්‍ෂේප වෙයි
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගී ඡන්දය පවත්වමින්
රහස් ඡන්දයකට යෑමට තීරණය කිරීමත් සමග යම් දෙයක් සිදුවන බව හැඟුණා
පැරදුණු රීසා කියයි

“දැන් අපි එකතු වී කොළඹ ගොඩනැඟීමට වැඩ කරමු. කොළඹ නගර සභාව ඓතිහාසික නගර සභාවක් බවට පත් කිරීමට සභිකයන් 117 දෙනාම එකතුවී අපි කටයුතු කරමු” යැයි කොළඹ නගරාධිපතිනිය ලෙස ඊයේ (16දා) වැඩි ඡන්දයෙන් තේරී පත්වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පැවැසුවාය.

රටේම අවධානය යොමුවී තිබුණු කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පත්කර ගැනීම සඳහා ඊයේ පැවැති ඡන්ද විමසීමේ දී බල්තසාර් මහත්මිය ඡන්ද 61 ක්ද ඇය හා තරග කළ සමගි ජන බලවේගයේ රීසා සරූක් මහතා ඡන්ද 54ක්ද ලබාගත්හ.

1956 න් පසු කොළඹ මහ නගර සභාවේ පාලන බලය එ.ජා.ප.ය හෝ එ.ජා.ප.ය සහය ලබන පක්ෂවලින් බැහැරව වෙනත් තනි පක්ෂයකට හිමි වූ පළමු අවස්ථාව මෙය වේ. බල්තසාර් මහත්මිය කොළඹ පුරපති පුටුවට පත්වූ දෙවැනි කාන්තාව වන්නීය. එමෙන්ම ජාතික ජන බලවේගයට කොළඹ නගරයේ පුරපති බලය හිමි වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගය සඳහා අපේක්‍ෂකයන් 48 දෙනකු තේරී පත්ව සිටි අතර, නගරාධිපතිනිය තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්දයේ දී එම සංඛ්‍යාව 61 දක්වා වැඩිකර ගැනීමට එම පක්‍ෂය සමත් විය.

කොළඹ නගරාධිපති පදවියට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කර පුරපති පුටුවට පත්වූයේ 1956 මාර්තු 6 වැනිදා වී. ඒ. සුගතදාස මහතා ය. 2006 වසර දක්වාම එම පක්‍ෂයේ බලය තිබූ මහ නගර සභාව 2006 වසරේදී නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප වීම නිසා කණ්ණාඩි කුට්ටම සලකුණින් ස්වාධීන කණ්ඩායම එ.ජා.ප. සහාය ඇතිව ජයංගා උවයිස් මොහොමඩ් ඉමිතියාස් මහතා නගරාධිපති බවට පත්විය. එ.ජා.ප.යෙන් 2018 දී රෝසි සේනානායක මහත්මිය අවසන් වරට නගරාධිපතිනිය ධුරයට පත්වූවාය. 1956 සිට 2023 දක්වා අඛණ්ඩව එ.ජා.ප.ය හෝ එ.ජා.ප.යේ සහාය ලද ස්වාධින කණ්ඩායම මහ නගර සභාව වසර 67 ක් පාලනය කරනු ලැබීය.

ඉකුත් දා පැවැති පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාව සඳහා බලය පිහිටුවීමට හැකි අයුරින් සියයට පනහක තනි බලයක් ලබාගැනීමට කිසිදු පක්‍ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට නොහැකිවීම නිසා, ඡන්දයක් පවත්වා නගරාධිපති, උප නගරාධිපති පත් කිරීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට බලය පැවැරී තිබිණි.

ඒ අනුව බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගි ජයසුන්දර මහත්මිය විසින් ගැසට් පත්‍රයක් මගින් නගර සභාවේ ප්‍රථම රැස්වීම ඊයේ පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට සහභාගි වන ලෙස මන්ත්‍රීවරුන් 117 දෙනාටම ලිඛිතව දැනුම් දී තිබුණි.

එම දැනුම්දීමට අනුව ඊයේ පෙරවරු 9.30 ට පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වූ අතර එහිදී පළාත් පාලන කොමසාරිස්වරිය නගරාධිපති ධුරය සඳහා නම් යෝජනා කරන ලෙස සභාවට දැනුම් දුන්නාය.

එහිදී නගරාධිපතිධුරය සඳහා දෙදෙනකු ඉදිරිපත් වන බවට සභාවට දැනුම් දීමත් සමග ඔවුන්ගේ නම් යෝජනා කරන ලෙස පළාත් පාලන කොමසාරිස්වරිය සභාවෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව ජාතික ජන බලවේගය පක්‍ෂයේ නගරාධිපති අපේක්‍ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ නම සභික හේමන්ත කුමාර මහතා යෝජනා කළ අතර එම යෝජනාව සභික ප්‍රසන්න ලියනාරච්චි මහතා විසින් ස්ථිර කරන ලදී. සමගි ජන බලවේගය පක්‍ෂයේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස රීසා සරූක් මහතාගේ නම රෝයි නිශාන්ත බෝගහවත්ත මහතා යෝජනා කළ අතර එම යෝජනාව සුනන්ද ලියනාරච්චි මහතා ස්ථිර කළේය.

අනතුරුව පළාත් පාලන කොමසාරිස්වරිය විසින් නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා විවෘත ඡන්දයක් පවත්වනවා ද රහස් ඡන්දයක් පවත්වනවා ද යන්න සභාවෙන් සිදු කළ විමසීමේදී සභිකයෝ කිහිපදෙනෙක් විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලීම් කළහ. තවත් පිරිසක් රහස් ඡන්දයක් ඉල්ලා සිටියහ. මෙම ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පැයකට ආසන්න කාලයක් අදහස් දැක්වූ අතර ඇතැම් අවස්ථාවල සභාව දැඩි ඝෝෂා මැද ගාලගෝට්ටියක් බවට ද පත්විය.

කොළඹ මහ නගර සභා ඉතිහාසය දෙස බැලීමේදී නගරාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා මෙවැනි තත්ත්වයක් ඇතිවුණු බවට වාර්තා නොවන අතර පළාත් පාලන කොමසාරිස්වරිය පැයකට ආසන්න කාලයක් පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් සාවධානව අසා සිට තමාට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලැබී ඇති උපදෙස් සහ පනතට අනුව ඡන්දය රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට සභාවට යෝජනා කළාය. මැතිවරණ කොමිසම මැතිවරණයක් පවත්වන ආකාරය අනුව පැවරූ නීති සහ කොන්දේසි සභාවට ප්‍රකාශ කර අවසානයේ රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කළාය. එහිදී කොමසාරිස්වරිය විසින් සභිකයන්ගේ නම් ගැසට් කර ඇති ආකාරයට ඡන්දය දැමීම සඳහා ආරාධනා කර

විනිවිධභාවයෙන් යුක්තව ඡන්දය පවත්වන ලදී. එම තීරණාත්මක ඡන්ද විමසීමට මිනිත්තු කිහිපයකට පෙරත් පක්‍ෂ විපක්ෂ ඇතැම් මන්ත්‍රීවරුන් තම ජංගම දුරකථනවලට ආ ඇමැතුම්වලට සභා ශාලාවෙන් පිටතට ගොස් පිළිතුරු දෙනු දක්නට ලැබිණි.

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් පසු පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඡන්දය ගණන් කිරීම සිදු විය. එහිදී බල්තසාර් මහත්මිය ඡන්ද 61 ක්ද, රීසා සරූක් මහතා ඡන්ද 54ක්ද ලබාගෙන තිබුණි. තවත් ඡන්ද දෙකක් ප්‍රතික්‍ෂේප විය.

ඒ අනුව වැඩි ඡන්ද 7ක් ලබාගත් බල්තසාර් මහත්මිය නගරාධිපතිනිය ලෙස පත්කළ බව දැනුම් දුන් පළාත් පාලන කොමසාරිස්වරිය බල්තසාර් මහත්මිය සභාවේ මුලසුන වෙත කැඳවූවාය. අනතුරුව උප නගරාධිපතිවරයා පත්කර ගැනීමට පළාත් පාලන කොමසාරිස්වරිය සභාවෙන් විමසූ අවස්ථාවේ දී නගරාධිපතිනිය හේමන්ත කුමාර මහතාගේ නම යෝජනා කළාය. එම යෝජනාව ප්‍රසන්න ලියනාරච්චි මහතා විසින් ස්ථිර කරන ලදී. නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා වෙනත් නම් යෝජනා නොවූ අතර ඒ අනුව සභාවේ එකඟතාවෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ පත්වීම සිදුවිය.

ආණ්ඩුව කරගෙන යන හොඳ වැඩවලට සහාය දැක්වීමටත් ජනතාවට විරුද්ධව කරන වැඩවලට එරෙහිව කටයුතු කිරීමටත් විපක්‍ෂය ලෙස කොළඹ මහ නගර සභාවේ කටයුතු කරන බව නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත්ව පරාජයට පත්වූ රීසා සරූක් මහතා මාධ්‍යට ඊයේ (16දා) පැවැසීය.

කොමසාරිස්වරිය රහස් ඡන්දයකට යෑමට තීරණය කිරීමත් සමග යම් දෙයක් සිදුවිය හැකි බවට තේරුම් ගිය බවත් හෙතෙම පැවැසීය. නගරාධිපතිවරයා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න සම්බන්ධයෙන් සභාවේ මත දෙකක් පළවීම නිසා ඉන් කුමන ක්‍රමයට ඡන්දය පවත්වනවා ද යන්න රහස් ඡන්දයකින් තීරණය කළ යුතුව තිබුණත් එවැනි දෙයක් සිදුනොවූ බව ද රීසා සරූක් මහතා කීය.

කෙසේ වෙතත් නගරාධිපති ලෙස තේරී පත්වූ බල්තසාර් මහත්මියට සුබ පතන බවත්, ඇය සිදුකරන යහපත් වැඩවලට සහාය දැක්වීමටත්, එසේ නොවන අවස්ථාවල ඊට විරුද්ධ වීමට කටයුතු කරන බවත් කී ඒ මහතා ඉදිරියේ දී බලය ලබා ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

ප්‍රධාන පුවත්

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග

ප්‍රධාන පුවත්

අන්තර්ජාල සේවා සඳහා ඔක්. 01 දා සිට 18% වැට් බද්දක්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු විරෝධී බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් සියයට 10ක අමතර බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok