Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජෙනරාල් හැමිල්ටන් වනසිංහ නම් වූ ශ්‍රේෂ්ඨ සෙන්පතියා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජෙනරාල් හැමිල්ටන් වනසිංහ නම් වූ ශ්‍රේෂ්ඨ සෙන්පතියා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ නම් වූ ශ්‍රේෂ්ඨ සෙන්පතියා

17 hours ago
332 Views

ශ්‍රී ලංකා යුද හමුදාව තුළින් බිහිවූ ඉතා මහත්මා ගතිගුණවලින් හෙබි දක්ෂ යුද හමුදාධිපතිවරයෙක්ව සිටි සහ ඉන්පසුව ඒකාබද්ධ හමුදා ප්‍රධානි ලෙසත් පසුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙසත් මහත්වූ අභිමානවත් සේවයක් දේශයට දායාද කළ ශ්‍රේෂ්ඨතම යුද සෙනෙවියකුගේ නික්ම යෑම පසුගියදාක සිදුවිය.

ඒ අන් කවරෙක් නොව, සියනෑ කෝරලයේ ඉපිද කොළඹ ආනන්ද විදුහලින් අධ්‍යාපනය හදාරා දශක හතරකට අධික කාලයක් මවුබිම වෙනුවෙන් අනඟි සේවාවක් ඉටුකළ තරු හතරේ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ නම් වූ මහා සෙන්පතිදුන්ය. තම සේවා කාලය තුළදී සමස්ත යුද හමුදාව වෙනුවෙන් බොහෝ කැපවීම් කළ එතුමන්, තම යහපත් දිවිපෙවෙත කෙතරම් මනහරදැයි අපට පසක් කරන්නේ දශක නවයක් පුරාවටම තම දිවි සැරිය අප සමග සරන්නට ලැබූ වාසනාවන්ත භාවය නිසාවෙනි.

තම වැඩිමහල් පුතු සමග එක්ව පුහුණුව ලබන්නට තම ගමට යාබද ගමෙන් හමුදා සේවයට එක්වීම පිළිබඳව අවස්ථා ගණනාවකදීම අගය කරන්නටත් එතුමන්ගේ දෙටු පුතු සමග එකම දිනෙක එකම භූමියක එතුමන්ගේ සුරතින් අසිපත ගෙන අධිකාරිත්ව වරම ලබන්නටත් මම වාසනාවන්ත වීමි.

මා එතුමන් ප්‍රථමවරට දකින්නෙ, මා පාසල් යන අවධියේ ලුතිතන් කර්නල් නිලයෙනි. මා උපත ලද ‘දොම්පෙ’ ග්‍රාමයට යාබද ‘කලුකොදයාව’ ග්‍රාමයේ වාසය කළ එතුමා තම ඥාතිවරෙයක් වූ සහ මාගේ ද දුරස්ථ ඥාතිවරයකු වූ ‘කොතලාවල රාලහාමි’ යන අයගේ අවමඟුලට පැමිණි දිනයේදීය. එම වසර මා හට අමතක වුවද ඉන්පසු එළැඹි කාලය තුළ නැවත මා එතුමන් දකින්නෙ තවත් විශේෂ වූ අවස්ථාවකදීය.

ඒ, එතුමන්ගේ දෙටු පුත් සංජය වනසිංහ කෙඩෙට් නිලධාරිවරෙයක් ලෙස බඳවාගෙන ගිවිසුම් ගතවන දිනයේදී, එනම් 1987 මාර්තු 16 දිනදීය. එදින මා වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ තිදෙනා අතර කොතලාවල ගුරුතුමියත් සිටීම නිසා එතුමන් මා සහ මාගේ මව සහ පුංචි අම්මා සමගත් මොහොතක් කුලුපග වෙමින් සුවදුක් විමසූ බව කිසිදා අමතක නොවන්නකි.

ඉන්පසු එළඹි කාලය සංජය සහ මා කෙඩෙට් නිලධාරීන් ‘බඳවාගැනීම් 27’ හි දුෂ්කර වූ පුහුණුව ලැබූ කාලයයි. ඒ කාලය අතරතුර අවස්ථාවන් දෙකකදී නිල භෝජන සංග්‍රහයන්ට අප සමග සහභාගි වූ එතුමන් තම ගම් ප්‍රදේශයෙන් හමුදාවට එක්වූ මා සමග කතාකර සුවදුක් විමසීමට අමතක නොකළා පමණක් නොව, එම විමසීම කරණකොට ගෙන විසිරයෑමේදී මා හට අහිමිවීමට තිබී වාසනාව පෙරදැරිව ළඟාකරගත් ‘කමාන්ඩෝ’ සිහිනයට ළඟාවන්නට අවස්ථාව ලද අතර කිසිවකුගේ කිසිදු බලපෑමකින් තොරව එතුමන් මැදිහත්වීමක් නොකරන්නට අදටත් එය සිහිනයක්ම වන්නට ඉඩ තිබිණි.

මා විසින් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මැතිතුමා සතුව තිබූ වඩාත්ම අගය කළයුතු විශේෂිත වූ ගුණාංග රැසක් නිරීක්ෂණය කර තිබේ. ඒ සියල්ල අතර අප සමග එක්ව උරෙන්උර ගැටී පුහුණුවීම් ලද තම දෙටු පුත්‍රයා අරබයා කිසිදු විශේෂිත වූ වරප්‍රසාදයක් ලබාගැනීමට ක්‍රියා නොකිරීම විශේෂිත වූ දෙයකි.

සංජය සහ මා අතර ගොඩනැඟුණු සහෝදරත්වය නිසා සංජය මා හට සුන්දර ලෙස කරදර කරමින් සහ මිත්‍රත්වය වර්ධනය කරගත්ත ද ඔහු තම පියාගේ බලය අනිසි ලෙස ගෙන කිසිදු වරප්‍රසාදයක් නොගැනීම ද විශේෂත්වයකි.

සංජය වනසිංහ කාලතුවක්කු රෙජිමේන්තුව වෙත ඇතුළත්වීම පූර්ණ වශයෙන්ම ජෙනරාල් වනසිංහ මැතිතුමාගේ කිසිදු මැදිහත්වීමකින් සිදු නොවූ අතර එය සංජය වනසිංහගේ සුදුසුකම මත පදනම්ව ලැබූවක් බවත් මා හොඳින් දැන උන්නෙමි.

කෙඩෙට් නිලධාරි පාඨමාලා කාලය තුළ පහසුවෙන්

අත්කරගන්නට තිබූ එක්සත් රාජධානියේ ‘සෑන්ඩර්ස්’ හමුදා ඇකඩමියේ පුහුණුව වෙත යෑමට සංජයට කිසිදු බාධාවක් නොතිබිණි. ඒ සඳහා තම පුත්‍රයා නොයවා වඩාත් සුදුසු යැයි සැලකූ දෙදෙනකු හට එම අවස්ථාව තම මැදිහත්වීමෙන් ලබාදීමට ක්‍රියා කිරීම කෙතරම් මහත්මා ගුණයක්දැයි අපි පුදුමයට පත්වූයෙමු.

එහෙත් සංජයගේ නොපැමිණීම නිරීක්ෂණය කළ එම විද්‍යාපීඨය විසින් සංජය වනසිංහ තරුණ නිලධාරිවරයා පසුකාලීනව එහි කැඳවාගන්නේ ජෙනරාල් වනසිංහ හමුදාධිපතිතුමාගේ කිසිදු මැදිහත්වීමකින් නොවේ.

මා යුද හමුදාවේ සේවය ආරම්භ කළ වකවානුවේ දිවයින පුරා ඉතා සංකීර්ණව ව්‍යාප්ත වූ අභ්‍යන්තර භීෂණකාරී ක්‍රියාකාරනම් හමුවේ එතුමන්ගේ අණදීම සහ කළමනාකරණය යටතේ සැමවිටම මානුෂීයව ක්‍රියාකරන්නට බහුතරයක් නිලධාරීන් උත්සුකව වූ බවත් ඒ අනුව අප ද එය අනුගමනය කරන්නට පෙලඹීමත් ඉතා වටිනා අත්දැකීමකි. එතුමන් මූලිකව විශේෂ ගණයේ නිලධාරීන් කිහිපදෙනකුගේ මානුෂීය ගුණය නොවන්නට රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන් හට ද සාධනීය රැකවරණයක් නොලැබෙන්නට ඉඩ තිබිණි.

මාගේ සේවා කාලය තුළදී එතුමන් විශ්‍රාම ගෙන සිටි කාලය තුළ එතුමන් මුණගැසුණු අවස්ථාවන් අතර ශාන්ත ජෝන් ගිලන්රථ සංගමයේ එතුමා යටතේ කෙටි කාලයක් සමාජ සද්කාරයේ නිරතවීමටත් උපදෙස් ලබන්නටත් මා වාසනාවන්ත වූ බව ද සිහිපත් වේ.

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මැතිදුන්ගේ හමුදා දිවිය තුළදී මවුබිම වෙනුවෙන් තම පවුලෙන් ලබාදුන් දායකත්වය සහ කැපකිරීම් අතර වැදගත් වන්නේ තම පුතා වූ සංජය වනසිංහගේ ආගමනය පමණක් නොවේ. තම දියණියගේ ස්වාමියා මෙන්ම තම ඥාති පුත් අලිමංකඩ සටනේදී මවුබිම වෙනුවෙන් දිවි දුන් බි්‍රගේඩියර් භාතිය ජයතිලක සහ කපිතාන් නලින් ජයතිලක මෙන්ම තම සොහොයුරුගේ පුත් මේජර් පණ්ඩුක වනසිංහ යන රණවිරුවන් මවුබිමේ ආරක්ෂාව තහවුරු කරන්නට උරදී ප්‍රාණ දානය කර තිබිණි. එම වකවානුව තුළ තම පුත්‍රයා වන සංජය වනසිංහගේ ජීවිතය ආරක්ෂා කරනු වස්, ඉල්ලීම් කළේ හෝ බලපෑම් කළේ එතුමා නොවේ. එහෙත් ඉතාමත් බැරෑරුම් සහ අවදානම් තැන්වලදී ජෙනරාල් වනසිංහ මැතිතුමා හට ගෞරවය දැක් වූ බොහෝ නිලධාරීන්ගේ සැලකිල්ල සහ ආදරය සංජය වනසිංහ වෙත යොමු වූ අවස්ථා ද තිබිණි.

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ යනු, එක් එක් දුර්වල දේශපාලකයන්ගේ පුද්ගලික ඕනෑ එපාකම් අනුව කටයුතු කළ අයෙක් නොවූවා සේම, සැමවිටම මනුෂ්‍යත්වයත් පෙරදැරිව හුන් ඔහු තම වගකීමෙන් බැඳී සිටි කිසිවකුට අකටයුතුකම් කළ අයෙක් ද නොවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මා ගතිගුණ මොනවට විදහා පෑ එතුමා තම හමුදා දිවියේ මෙන්ම ඉන් පසුව එළැඹි කාලය තුළ තම දරුවන්ට සහ ආදරණීය බිරිඳ වූ අයිරා වනසිංහ මැතිනියට පමණක් නොව, තම ඥාතීන් සහ අසල්වාසී සහෘද ජනතාවට තම යුතුකම් උසස් ලෙස ඉටුකළ ගෞරවනීය සෙන්පතියෙකි. මිනිසෙකි.

මෙම ලිපිය අවසන් කරන්නට පෙර නොබියව නොපැකිළිව ඉතාමත්ම වැදගත් යමක් සඳහන් කිරීම ද මාගේ යුතුකමක් සේ සලකමි. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ යනු, තම දෙටු පුතනුවන් හමුදා සේවය වෙනුවෙන් දායාද කරනු ලැබූයේ සසරේ පුරුද්දට සහ පුතණුවන්ගේ දැඩි අවශ්‍යතාවයට එකඟ වෙමිනි. තම පුතු මතු යම් දිනෙක් තමා අණදුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ අනාගත හමුදාපතිවරයෙක් කරන්නට එතුමන් අදහස් නොකළ බව සනාථ වන්නේ තම පුතණුවන් හමුදාවට බැඳෙද්දී එතුමන් හමුදාපති වී නොතිබුණු නිසාවෙනි.

එහෙත් දශක 3කට මඳක් වැඩි කාලයක් ඉක්මවා යද්දී තම දක්ෂතාවයෙන්, සේවා කාලයෙන්, වයසින් පරිණත බවින් හා මනුෂ්‍යත්වයෙන් පමණක් නොව අත්‍යවශ්‍යම කරුණක් වූ ‘ජ්‍යෙෂ්ඨත්වයෙන්’ හමුදාධිපති වීමට හිමිකම් තිබූ අගනා දුර්ලභ අවස්ථාව (සමාවන්න) කාලකණ්ණි පවුකාර දුර්ජනයන් කිහිපදෙනෙක් එක්ව අහිමි කරලීම මහා පවුකාරකමක් බව කිවයුතුය. මා පෙරකී දුර්දාන්ත ආරක්ෂක ලේකම්වරයා මූලිකව එය සිදු නොකරන්නට සෙන්පති පියතුමන් හට එම අගනා අවස්ථාව දෑසින් දැක සතුටුවන්නටත් සමස්ත රටට ගෞරවයක් ගෙනදෙන්නට පමණක් නොව ආදරණීය රණවිරු සහෘදයන්ට ඉතාමත් යහපත් යුද නායකත්වයක් ලබන්නට අවස්ථාව තිබිණි. එම මහා සෙන්පතියා එම වාසනාවන්ත මොහොත නොදැකම දැයට සමුදීම කෙසේ අමතක කරන්නද? එම අහිමි කිරීම වෙනුවෙන් ස්වභාවධර්මය විසින් ඔවුනට සමාවක් නම් නොදෙනු ඇත.

“මවුබිම වෙනුවෙන් තම යුතුකම් මැනවින් ඉටුකළ සෙන්පතියාණෙනි, වසර 92ක් වැනි වටිනා දීර්ඝ කාලයක් ඔබට, අප සමග ඉන්නට ඉඩ හසර ලැබෙන්නට අවස්ථාව ලද්දේ ඔබේ යහපත් බව සමග පසුපස පැමිණි සහෘදයන්ගේ ආශීර්වාදය මිස අන් කිසිවක් නොවේ. ඔබ අප අතරින් නික්ම යන හෙට දින සිට හිරු බැස යන සෑම දිනකම සැන්දෑවේ අපි ඔබව නිති සිහි කරන්නෙමු. ඔබගේ සියලු යහපත්කම් වෙනුවෙන් ඔබ රැස්කරගත් පින් මහිමයෙන් ඉතා කෙටි සසරක අවසන උතුම් වූ නිවන ඔබට අවබෝධ වේවා!!

ඒ සමගම ජීවිත කාලය තුළ ඔබට සෙවණැල්ලව සිටිමින් රටට යුතුකම් ඉටු කළ සහ ඔබට පෙර අප අතරින් සමුගත් අයිරා වනසිංහ මැතිනියට ද ඔබ ගන්නා මඟම යන්නට උතුම් වූ නිවන අවබෝධ කරගන්නට හැකිවේවා!

මුහුණු පොතේ තැබූ සටහනකි

උපාලි රාජපක්ෂ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

7 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago
Related News
විශේෂාංග

වාර්තා චිත්‍රපටයෙන් හෙළිකළ ඇත්ත – එයාර් ඉන්දියා ඛේදය

විශේෂාංග

සිත තේරුම් ගැනීම

විශේෂාංග

අපේ ආර්ථිකය සවිමත් විදේශ අංශයකට!

විශේෂාංග

බන්ධනාගාර රාජධානි බිඳවැටේ

විශේෂාංග

කොළඹ තීන්දුව හෙට!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok