Wednesday, 18 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තියුණු තරගයකින් පසු කොරියාව ජයගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 18 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තියුණු තරගයකින් පසු කොරියාව ජයගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

තියුණු තරගයකින් පසු කොරියාව ජයගනී

2 days ago
149 Views

ආසියානු ශූරතා පිරිමි රග්බි පාපන්දු තරගාවලිය

ආසියානු රග්බි පාපන්දු සම්මේලනය මගින් මෙහෙයවන ආසියානු ශූරතා පිරිමි රග්බි පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් කොළඹ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී පැවති තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට කොරියානු ක්‍රීඩකයන් සමත් වූහ.

එහි ප්‍රතිඵලයක් ලෙස සත්කාරක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පරාජයේ අමිහිරි වේදනාව අපහසුවෙන් වුව ද විඳ ගැනීමට සිදු වූහ.

ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබුණු මෙම තරගයේ ජයග්‍රහණය දෙපිල වෙතම දෝලනය වන ආකාරය අවස්ථා කිහිපයකදීම දැක ගැනීමට හැකියාව ලැබිණි.

එහෙත්, ශ්‍රී ලංකාව ලත් ලකුණු 34 ට එරෙහිව ලකුණු 38 ක් සටහන් කර ගනිමින් මුල් කඩයිම ජය ගැනීමට සංචාරක දකුණු කොරියාව සමත් වීම එහි දී කැපී පෙණුනි.

තරගයේ ප්‍රථම භාගය නිම වන විට ලකුණු 17- 14 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ විය.

ඉන් උද්‍යොගීමත් වූ ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් දෙවන භාගය ආරම්භ වීමත් සමගින් ප්‍රබල ආක්‍රමණයක නිරත වෙමින් තම ලකුණු පුවරුව ඉහළ නංවන්න සමත් වුවත් එය ජයග්‍රහණයකින් නිමා කර ගැනීමට නොහැකි විය.

දකුණු කොරියානුවන් ගෝල් දිනුම් 04 ක් සහ උත්සාහක දිනුම් 02 ක් සටහන් කර ගන්නා අතර වාරයේ දී ගෝල් දිනුම් 03 ක්, උත්සාහක දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකාවේ ගෞරවය ඉහළින්ම ඔසවා තබන්නට සමත් වූ මුෂීඩ් දොරේ (01), පසිඳු බණ්ඩාර (01), ළහිරු තිලකරත්න (01), හේෂාන් ජැන්සන් (01), ඩිනාල් ඒකනායක (01) බැගින් උත්සාහක දිනුම් සම්පූර්ණ කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් තරින්ද රත්වත්තේ ප්‍රවර්තන 03 ක් සහ එක් දඬුවම් පහරක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව යොමු කරමින් කැපී පෙණුනි.

මෙහි දෙවන තරගය සෙනසුරාදා (14දා) හොංකොං දේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඩුබායි නගරයේ දී ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ලකුණු 43

  • 10 පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට හොංකොං ක්‍රීඩකයන් සමත් වූහ.

ඒ අනුව දකුණු කොරියාව සහ හොංකොං දේශය ප්‍රසාද ලකුණු 05 බැගින් සටහන් කර ගනිමින් පෙරමුණේ පසුවෙති. පරාජිත ශ්‍රී ලංකාව සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 02 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

4 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

4 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

4 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

4 days ago
Related News
ක්‍රී​ඩා

මුෂ්ෆිකර් – සැන්ටෝ බංග්ලාදේශ ඉනිම ගොඩනගති

ක්‍රී​ඩා

අන්තර් සමාජ පළමු පෙළ විස්සයි – 20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිල දිනාගනී

ක්‍රී​ඩා

පාසල් පිහිනුම් තරගාවලිය ඇරැඹේ

ක්‍රී​ඩා

මේස පන්දු ක්‍රීඩක ටාවි රිදී පදක්කම් 3ක් දිනා දිවයිනට

ක්‍රී​ඩා

දේශීය සටන් කලාව ජාත්‍යන්තරයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok