අහමදාබාද් ගුවන් අනතුරෙහි උණුසුම මැකී යාමටත් ප්‍රථම , ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ .
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබියදී හෙලිකොප්ටරය ඉන්දියාවේ වනාන්තරයකට කඩා වැටී ඇත .
එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අනතුරින් මිය ගිය පිරිස අතර ගුවන් නියමුවාද සිටි බව ය .
ඉන්දීය වේලාවෙන් අද අලුයම 5.20ය සිදුව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී යානය තුළ නියමුවා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු සිටි බව කියැවේ .
අනතුරින් ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ඔවුන් වාර්තා කර තිබේ.
වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවෙකු යානයේ ගමන් කර ඇති අතර ඔවුන් උත්තරාකන්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවලින් පැමිණි අය බවද වාර්තා වේ.
අනතුරට හේතුව ලෙස මේ වන විට හඳුනාගෙන ඇත්තේ තාක්ෂණික දෝශ සහ කාලගුණික තත්ත්වයන් බව ඉන්දීය මාධ්‍ය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .
කේදර්නාත් හි පසුගිය 2022 වර්ෂයේදීද හෙලිකොප්ටරයක් අනතුරට ලක්විය .
