ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ හයිෆා ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක තුවාල ලබා ඇතැයිද කෙසේ නමුත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවද ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ලද කාන්තාවක් වන අතර ටෙල් අවිව් නගරයට දකුණු දෙසින් සේවය කරන කාන්තාවක්ද තමන් සේවය කරන නිවසේ ඇතිවූ දෙදරීම හේතුවෙන් එම නිවසේ අය සමඟ ඉවත්ව ඇති බව වාර්තා වෙයි.