කොහුවල , කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ.
අද (15) අලුයම් කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
අදාළ වෙඩික්කරුවන් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇතැයි පොලිසීය පවසයි
වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව ද එම පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි .
දැනට සිදුකරන ලද විමර්ශන අනුව පොලීසිය සැකකරන්නේ මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ය .
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.