ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බැවින් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක් සිදුකොට ඇත.
මේ වනවිට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් තොටුපළවල් වසා දමා ඇති බැවින් ඔවුන්ට යළි නියමිත දිනවලදී ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ ගැන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස දැනුම් දී ඇත.
වීසා කල් ඉකුත් වුවහොත් යළි ඊශ්‍රායලයට ඇතුළු වීමට නොහැකි බැවින් ඒ පිළිබඳ අද (15) දිනය තුළ තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලා ඇත.
වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා එරට රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බැවින් මේ වන විට මෙරටට පැමිණ සිටින සියලු ශ්‍රී ලාංකිකයන් අද දිනය තුළ 071-8447305, 071–6833513 හෝ 071-9742095 යන දුරකථන අංක වෙත වට්ස්සප මාර්ගයෙන් අදාල තොරතුරු යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටි.