Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම කොදෙව්වන් පරදවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම කොදෙව්වන් පරදවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම කොදෙව්වන් පරදවයි

6 days ago
250 Views

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැති පළමු සිව්දින ක්‍රිකට් තරගයේදී තවත් පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ලකුණු 75 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ සමත්වූහ.

කූලිජ්හිදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 292 ක් ලබා ගත් අතර සත්කාරක කොදෙව් ඇකඩමි පිල සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තේය. ලකුණු 78 ක පළමු ඉනිමේ වාසිය ද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුනු 219 ක් ලබා ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 298 ක ඉලක්කයක් කොදෙව් ඇකඩමි පිල වෙත ලබාදෙන ලදී. එහෙත් එය හඹා යෑමේදී සත්කාරකයින්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි.

මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු 24 හැවිරිදි වියේ පසුවන දිලුම් සුදීර ලකුණු 51 ක් ඇතුළත කොදෙව් පිලේ කඩුලු 4 ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීමට සමත් වූවේය. ඔහුට අමතරව සුලාජ් සමුදිත ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දක්වද්දී අශේන් ඩැනියල් ලකුණ 55 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

මෙම තරගයේදී පළමු ඉනිමේදී සොහාන් ද ලිවේරා ලකුණු 130 ක් ලබාගනිමින් පිතිකරණ අංශයෙන් කැපී පෙනෙද්දී පන්දු යැවීමේදී දුලාජ් සමුදිත ලකුණු 57 කට කඩලු 5 ක් දවා ගනිමින් කැපී පෙනුණේය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් කැපී පෙනුණු රවිඳු රසාන්ත ලකුණු 65 ක් සහ ෂෙවෝන් ඩැනියල් ලකුණ 50 ක් ලබා ගනිමින් අර්ධ ශතක වාර්තා කළහ.

දෙපිළ අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට්් තරගය මේ මස 14 වැනිදා කූලිජ්හිදීම ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (65.4) රවිඳු රසාන්ත 24, ශෙවෝන් ඩැනියෙල් 47, ජනිශ්ක පෙරේරා 38, සොහාන් ද ලිවේරා 130, සිතුම් දිසානායක නොදැවී 17, නේතන් එඩ්වර්ඩ්න් 58/2, කෙවින් පිට්මන් 28/7

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (50.4) අකීම් ඔගස්ටි, 24, කාලන් බොවෙන් 30, රිවාල්ඩෝ ක්ලාර්ක් 42, ජොෂුවා බිෂොප් 24, දුලාජ් සමුදිත 57/5, අශේන් ඩැනියෙල් 45/3

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 219 (58.2) රවිඳු රසාන්ත 65, ශෙවෝන් ඩැනියෙල් 50, ජනිශ්ක පෙරේරා 34, ධනංජය ලක්ෂාන් 28, සොහාන් ද ලිවේරා 26, ජොෂුවා බිෂොප් 41/3, නේතන් එඩ්වර්ඩ් 23/6

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 222 (50.5) අකීම් ඔගස්ටි 82, බෙකී ජොසප් 25, කාලන් බොවෙන් 43, රිවාල්ඩෝ ක්ලාර්ක් 36, දුලාජ් සමුදිත 46/3, දිලුම් සුදීර 51/4, අශේන් ඩැනියෙල් 55/3

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුම අද

ක්‍රී​ඩා

මම හිතනවා හැම තිස්සෙම හරිදේ කරන්න උත්සහ කළා කියලා – ටෙස්ට් පිටියට සමුදෙන්න යන ඇන්ජලෝ කියයි

ක්‍රී​ඩා

ඉසිපතන, ශාන්ත පීතර, රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව සහ වෙස්ලි අපරාජිතව ඉදිරියට

ක්‍රී​ඩා

ආමන්ඩ් ඩුප්ලැන්ටීස් 12 වැනි වරටත් රිටි පැනීමේ වාර්තාව අලුත් කරයි

ක්‍රී​ඩා

ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනි තැනට ආ ශ්‍රී ලංකාවට කෝටි 25ක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok