කළුතර කොට්ඨාස පාසල් ක්‍රීඩා උළෙල
කළුතර කොට්ඨාස ක්‍රීඩා උළෙලේ (2025) කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට කළුතර ඥානෝදය මහ විiාලය සමත් විය.

ඒ අනුව එම ක්‍රීඩා උළෙලේ බාලිකා ශූරතාවය, බාලක අනුශූරතාවය, දක්ෂතම ක්‍රීඩකයා ඇතුළු තවත් ශූරතාවයන් දිනා ගනිමින් එම විදුහල කොට්ඨාසයේ අනෙක් පාසල් අභිබවා යමින් මෙම ජයග්‍රහණය වාර්තා කරනු ලැබිණ.
එම ක්‍රීඩා උළෙලේ සමස්ත ලකුණු 303ක් ලබා ගනිමින් ඥානෝදය මහා විiාලය සමස්ත ශූරතාව දිනා ගනිද්දී ලකුණු 218ක් ලබාගත් සිරිකුරුස විiාලය එහි දෙවැනි ස්ථානයට මෙන්ම ලකුණු 171ක් ලබා ගත් කළුතර බාලිකා ජාතික පාසල තෙවැනි ස්ථානයට ද පත්විය.