සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු නම් කර ඇත.
මේ අතර ටෙස්ට් තරගාවලිය සඳහා නවක මුහුණු කිහිපයක් ද හඳුන්වාදී ඇති බව සඳහන් වන අතර එහිදී පවන් රත්නායක, තරිඳු රත්නායක, පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ යන ක්‍රීඩකයන් ඇතුළත්ව ඇත..
තවද වසර 6කට පසු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ද ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වී ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි. බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය මෙම මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ළහිරු උදාර, ළහිරු කුමාර, පවන් රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, තරිඳු රත්නායක සහ මිලාන් රත්නායක.