තායිවාන විවෘත මළල ක්‍රීඩා ශූරතාවලිය
තායිවාන විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියේදී චමෝද් යෝදසිංහ මීටර් 100 අවසන් තරගයේදී තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගෙන 3 වැනි තැනට පත්වී තිබේ.
ඔස්ටේ්‍රලියාවේ ජිසෙෆ් අයෝඩේ 10.34ක් සහ ජපානයේ බෲනෝ ඩෙඩේ 10.36ට පසුව ඔහු එම ඉසව්වේ ලෝකඩ පදක්කම ලබාගත්තේය.
තවද හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මීටර් 56.62ක දක්ෂතාවයක් දක්වමින් නදීෂා ලේකම්ගේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන දුන්නාය. ඉන්දියාවේ අන්නු රානි මීටර් 56.82ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනාගත්තාය.