මූලික වටයේ අවසන් තරගයෙන් බැංගලෝර් දෙකට එයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) මුල් වටයේ සියලු තරග පෙරේදා නිමාවට පත් විය.
පෙරේදා නිමාවට පත්වූ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගය නිමාවට පත්වූයේ බැංගලෝර් පිලට පහසු ජයක් ලැබීමත් සමගයි.
පෙරේදා පැවැති තරගයේදී ලකුණු 228ක ඉලක්කයක් ලබාදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට සිය ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන් ගත් ලකුණු ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවීය.
ඒ අනුව බැංගලෝර් කණ්ඩායමේ නායක ජිතේෂ් ෂර්මා ලකණු 85ක් සහ විරාට් කෝලි ලකුණු 54ක් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවන් බවට පත්වූහ.
ඒ අනුව අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටය ආරම්භ කරමින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් අතර තරග අද පැවැත්වේ. චන්දිගාර් නුවරදී පැවැත්වෙන මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම කෙළින්ම අවසන් තරගයට යනු ඇත.
අවසන් වටයේ දෙවැනි තරගය ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම අතර 30 වැනිදා පැවැත්වේ. එහි පරාජය වන කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවෙන අතර එහිදී ජය ගන්නා කණ්ඩායමට අවසන් මහා තරගයට යෑමට තවත් අවස්ථාවන් ද උදාවෙනු ඇති.
සුසිල් ජයකොඩි