Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

June 23, 2025
454 Views

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය නිමාවූයේ ජය පැරදුමෙන් තොරවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 296ක ඉලක්කයක් හිමි වුවත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ කඩුලු 4ක් දැවී ලකුණු 72ක් පමණයි.

පස්වැනි දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වීම නිසා තරගය අවස්ථා කීහිපයකදීම නවතා දැමීමට ද සිදුවිය.

කෙසේ වෙතත් පළමු ඉනිමේ ලැබුණු ලකුණු 10ක වාසියක් සමග දෙවැනි ඉනිමේ කඩුලු 6කට ලකුණු 285ක් ලබා සිටියදී බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලකුණු 296ක ඉලක්කයක් ලබාදීමට පියවර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉලක්කය සපුරා ගැනීමට හිමි වූයේ පන්දුවාර 37ක් පමණකි. එම නිසා එය එතරම් ලෙහෙසි කාර්යයක් නොවන බව තේරුම්ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජය පැරදුමෙන් තොරව තරගය නිමා කිරීමට තීරණය කර තිබුණි.

වසර 16ක ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්ට ලබාගත හැකි වූයේ ලකුණු 08ක් පමණි. ඇන්ජලෝගේ අවසන් ඉනිමේ කඩුල්ල ලබාගැනීමට නයිජුල් ඉස්ලාම්ට හැකි වූ අතර ඇන්ජලෝගේ උඩපන්දුව රැකගත්තේ මොමිනුල් හක්ය.

කෙසේ වෙතත් ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් ඉක්මනින් කඩුලු කිහිපයක් දැවී යෑම නිසා තරමක පීඩනයක් ඇතිවුවත් ධනංජය සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ආරක්ෂාකාරිව පන්දුවට පහරදීම නිසා ජය පරාජයෙන් තොරව සම කරගන්නට හැකියාව ලැබුණි.

කෙසේවෙතත් තරගය නිමවීමට පන්දුවාර 5ක් ඉතිරිව තිබියදී ධනංජය ද සිල්වා දැවී ගිය පිතිකරුවකු යැයි කරන ලද ඉල්ලීම තෙවැනි විනිසුරුවරයා දක්වා ඇදී ගිය ද විනිසුරුගේ තීරණයට ඉන් බලපෑමක් ඇති නොවුණ අතර ඒ සමගම බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් තරගය නවතා දැමීමට කැමැත්ත ලබාදුන්නේය.

බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 153.4කදී සියලු දෙනා දැවී ලකුණු 495 යි – (නජ්මුල් හොසේන් ශන්ටෝ 148, මුෂ්ෆිකර් රහීම් 163, ශද්මන් ඉස්ලාම් 14, අනමුල් හක් 00, මොමිනුල් හක් 29, ලිටන් දාස් 90, ජකර් අලී 08, නයීම් හසන් 11, ටයිජුල් ඉස්ලාම් 06, හසන් මහමුදු 07, නහිඩ් රානා 00, තරිඳු රත්නායක 193/3, අසිත ප්‍රනාන්දු 86/4, මිලාන් රත්නායක 39/3, ප්‍රභාත් ජයසූරිය 154/0, ධනංජය ද සිල්වා 7/0)

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම පන්දු වාර 131.2 කදී සියලු දෙනා දැවී ලකුණු 465 යි – පැතුම් නිශ්ශංක 187, ළහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් 87, ධනංජය ද සිල්වා 19, කුසල් මෙන්ඩිස් 05, මිලාන් රත්නායක 39, තරිඳු රත්නායක 00, ප්‍රභාත් ජයසූරිය 11, අසිත ප්‍රනාන්දු 04, හසන් මසූඩ් 74/3, තයිජුල් ඉස්ලාම් 156/1, නයීම් හසන් 121/5, මොමිනුල් හක් 28/1)

බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 87 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 285 යි – (ශද්මන් ඉස්ලාම් 76, අනමුල් හක් 04, මොමිනුල් හක් 14, නජ්මුල් හොසේන් 125, මුෂ්ෆිකර් රහීම් 49, ලිටන් දාස් 03, ජේකර් අලී 02, නයීම් හසන් 07, තරිඳු රත්නායක 102/3, ප්‍රභාත් ජයසූරිය 92/1, මිලාන් රත්නායක 26/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 32 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 72 යි – (පැතුම් නිශ්ශංක 24, ළහිරු උදාර 09, දිනේෂ් චන්දිමාල් 06, ඇන්ජලෝ මැතිව්ස් 08, කමිඳු මෙන්ඩිස් 12, ධනංජය ද සිල්වා 12, තයිජුල් ඉස්ලාම් 23/3, නයීම් හසන් 29/1)

සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ක්‍රී​ඩා

කුසල්ගෙන් අති විශිෂ්ට ශතකයක්

ක්‍රී​ඩා

ජූනි මාසයේ ICC ක්‍රීඩකයා අතරට පැතුම් නිස්සංකත්

ක්‍රී​ඩා

කාංචනා ජයරත්නට ලෝකඩ පදක්කමක්

ක්‍රී​ඩා

බස්නාහිර පළාත් කබඩි ශූරතාව පිළියන්දල මධ්‍ය විදුහල දිනාගනී

ක්‍රී​ඩා

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන චමිඳු සත්සරට ශක්තියක් වෙමු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok