Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බළලුන් දහසයක් සිටින ලෝක රූ රැජන සුවතා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බළලුන් දහසයක් සිටින ලෝක රූ රැජන සුවතා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
මීවිත

බළලුන් දහසයක් සිටින ලෝක රූ රැජන සුවතා

June 8, 2025
291 Views

2024 විශ්ව රූ රැජන තරගයේ තෙවන අනුශූරිය

පසුගිය වසරේ ලෝක රූ රැජන ක්‍රිස්ටිනා පිස්කෝවා සෙනසුරාදා රාත්‍රියේ සිය කිරුළ පිරිනැමුවේ තායිලන්ත රූමතිය වෙතය. ඇය ලෝක රූ රැජන කිරුළ දිනාගත් ප්‍රථම තායිලන්ත තරුණිය වේ. හයිද්‍රාබාද් හි පැවති අවසන් මහා තරගය ගැන මෙරට වැසියන්ද මහත් උන්නදුවෙන් බලා සිටියේ අපේ තරගකාරිනිය ද දක්ෂයන් අතර ප්‍රමුඛව සිටි නිසාය. නමුත් අනුදි ගුණසේකර අවසන් 40 දෙනාට නොතේරුණ ද ලාංකිකයන්ට වීරවරියකි. රටේ සිත් පහන් කළ බොදු හැදියාව මෙන්ම දේශප්‍රේමීත්වය ප්‍රකට කළ ඇය මෙරට තරුණ පරපුරට ද ආදර්ශයක් ලබාදුන්නා ය. එනිසා අනුදිගේ ගමන ගැන මෙරට කෝටි දෙකක් ජනයා සතුටු වේ.

21 හැවිරිදි ඔපල් සුවතා චුවාංශ්‍රී දුඹුරු ඇස් ඇත්තියකි. ඇය 2024 විශ්ව රූ රැජන තරගයට ද සහභාගිවී තිබිණි. එහිදී තෙවන අනුශූරතාව දිනාගෙන තිබූ නමුත් පසුගිය අප්‍රේල් මාසයේදී, ගිවිසුම කඩකිරීමක් හේතුවෙන් විශ්ව රූ රැජන සංවිධානය ඇගේ ශූරතාව ඉවත් කර ගෙන තිබිණි. නමුත් ඒ වෙනුවට ඇය 2025 ලෝක රූ රැජන ලෙස කිරුළු පැලඳුවාය. මේ වෙනුවෙන් තායි රූමතියට ඩොලර් මිලියනයක් ඇතුළු ත්‍යාග රැසක් හිමිවේ. ඔපල් දැනට තායිලන්තයේ තමසාට් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යාවකි. ඇය තායි, ඉංග්‍රීසි සහ චීන භාෂා චතුර ලෙස කතා කරයි. ඇය සුරතල් පෙම්වතියකි. එනම් ඇයට බළලුන් දහසයක් සහ බල්ලන් පස්දෙනෙක් සිටී. ලෝක රූ රැජනට කරන්නට වැඩ බොහොම තිබෙන බව සුරතලුන් ප්‍රමාණයෙන්ම පැහැදිලිවේ.

රැජනක් වීමට අමතරව ඇය සංගීතයට නැඹුරු වී සිටින අතර හොඳ වාදන ශිල්පිනියකි.

වයස අවුරුදු 16 දී ඔපල්ට පියයුරු පිළිකාවක් ඇති බව හඳුනාගන්නා ලද අතර පිළිකාව ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය විය. මෙම අත්දැකීම තුළින් තායි රූ රැජන පියයුරු සෞඛ්‍යය සහ කල්තියා හඳුනාගැනීම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා ‘ඔපල් ෆෝ හේර්’ ව්‍යාපාරය දියත් කළාය. මේ ව්‍යාපාරය ගෙනගිය වැඩපිළිවෙළ ඇගේ ජයග්‍රහණයට ද විශේෂ හේතුවක් වූ බව සටහන් කළ හැකිය.

72 වන ලෝක රූ රැජන තරගය සඳහා තරගකාරිනියෝ 108 දෙනෙක් සහභාගි වූහ. ඉන්දියාවේ මේ තරගය පැවති තුන්වැනි වතාව මෙය විය. අවසන් තරගයේදී දෙවැනි තැන ඉතියෝපියාවේ තරගකාරියට හිමිවූ අතර තුන්වැනි තැන පෝලන්ත රූමතියට හිමිවිය. ඉන්දියානුවන් බොහෝ දෙනකු තම රටේ තරගකාරිය වූ නන්දනී ගුප්තා ගැන බලාපොරොත්තු තබාගෙන සිටියද ඇයට අවසන් අට දෙනාට තේරීමට හෝ නොහැකි විය.

ලෝක රූ රැජන, ලෝක විවාහක රූ රැජන, විශ්ව රූ රැජන සහ මිහිකත රූ රැජන වැනි රූ රැජන තරගාවලි ගණනාවක් වසරකට පැවැත්වේ. රූ රැජන තරගාවලි ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ද කලින් කලට ප්‍රවෘත්ති මවන තරගාවලි වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකර පසුගිය වසරේ පැවති Miss Sri Lanka තරගාවලියෙන් ජයග්‍රහණය කළ අතර ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරිනියක් වේ. එම තරගාවලියට ඉදිරිපත් වීමේදී තරගකාරියන් විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් සිදු කළ යුතු අතර අනුදිගේ ‘සහේ’ ව්‍යාපෘතියෙන් ආමන්ත්‍රණය කරන්නේ ඔසප් දරිද්‍රතාවය විය. ඇය සම්බන්ධයෙන් Miss World යූටියුබ් නාළිකාවේ පළ කර ඇති වීඩියෝවට බොහෝදෙනකු ප්‍රතිචාර දක්වා තිබූ අතර, එය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හොඳින් පෙන්වන එකක් බව බොහෝ දෙනකුගේ අදහස විය.

සිරිමල් කළුවරගෙදර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
අතිරේක මීවිත

ලකාගෙ වැඩවල මට හම්බවුණේ දුවන්නමයි… – අංජන ප්‍රේමරත්න

අතිරේක මීවිත

ආලවන්ත වීදියේ සින්දු ලියන දොස්තර…

අතිරේක මීවිත

The Lake වෙනස් විදිහේ කතාවක් – නිවර්තනා දේවගේ

අතිරේක මීවිත

අම්මා සින්දුවේ දර්ශනයේදී ඇත්තටම ඇඬුණා

අතිරේක මීවිත

රාවණ වැඩ අරඹයි…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok