Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිනයි කියල මම හිතුවෙ නැහැ – කුලරත්න සිල්වා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිනයි කියල මම හිතුවෙ නැහැ – කුලරත්න සිල්වා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
මීවිත

දිනයි කියල මම හිතුවෙ නැහැ – කුලරත්න සිල්වා

June 8, 2025
238 Views

දෙරණ සික්ස්ටි ප්ලස් ජනප්‍රියම තරුව කියන කතාව…

පසුගියදා නිමාව දුටු දෙරණ 60 ප්ලස් තරගයේදී ජනප්‍රියම තරුවට හිමි සම්මානයට හිමිකම් කිව්වෙ ඔහු. ඔහු බොහෝ විට ගායනා කළේ මිල්ටන් පෙරේරාගේ ගීත. එහෙම කරන්න ඔහුට ලොකු හේතුවක් තිබුණා, ලොකු බැඳීමක් තිබුණා. අපි අහල බලමු කුලරත්න සිල්වාගෙන් ඔහු මුහුණ දුන්න තරගය මොන වගේ අත්දැකීමක්ද කියල.

දෙරණ 60 ප්ලස් තරගයේ ජනප්‍රියම තරුව ඔබ?

ඇත්තම කියනව නම් මම කිසිම විදිහකින් හිතුවෙ නැහැ මට ජනප්‍රියම කාණ්ඩයේ ජයග්‍රහණය ලැබෙයි කියල. මොකද මට වැඩිය දක්‍ෂ අය මේ තරගයේ හිටියා. නමුත් මම තෝරාගත්ත ගීත ටික හොඳින්ම ගායනා කළ බව මගේ හිතට දැනෙනව. ඒ වගේම ගොඩක් හොඳ ප්‍රතිචාරත් ලැබුණා. අවසානයේ මම ජනප්‍රිය කාණ්ඩයේ ජයග්‍රාහකයා වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය හොඳම ගායකයා වුණාට වඩා මට වටිනව.

අවසන් මහා රාත්‍රියේ අත්දැකීම මොන වගේද?

දෙරණ මාධ්‍ය ආයතනයෙන් මේ අවසන් මහා තරගය ඉතාමත් ඉහළින් සංවිධානය කරල තිබුණා වගේම තරගකරුවන් වශයෙන් අපිට ඉතාමත් හොඳ සහයෝගයක් සංවිධායක මණ්ඩලය විසින් ලබා දුන්නා. අවසන් මහා තරගයට මම ගායනා කළ ගීතය තරගයේ මුල් අවස්ථාවේදීත් මම ගායනා කළා. ඒකම තමයි අවසන් මහා තරගයටත් ඔවුන් මට තෝරා දුන්නෙ.

ගායනයෙන් ඉදිරියට යන්න අදහසක් තියෙනවද?

ඇත්තටම මට එහෙම අදහසක් තියෙනව. සරණ ගුණරත්න මහත්මයා තමයි මගේ ගුරුවරයා වෙන්නෙ. එතුමාගේ ගුරුහරුකම් එක්ක තවදුරටත් පුරුදු පුහුණුවෙලා, වාදන ශිල්පී රොකී මහත්මයාත් එක්ක එකතුවෙලා ගීතයක් දෙකක් පටිගත කරන්න තමයි මගේ මූලිකම බලාපොරොත්තුව.

ගායනයට යොමු වුණේ බොහොම කාලෙකට කලින්?

ඔව්, මම ගායනයට යොමු වුණේ 1965 අවුරුද්දෙ ඉඳන්. මුලින් මම දක්‍ෂ වුණේ කවි ගායනයට. ගීත ගායනා කළේ සාදයකදි, විනෝද චාරිකාවකදි විතරයි. මුදල් ප්‍රශ්නත් තිබුණ නිසා ඉදිරියට යන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. අද ඒ ගැන පොඩි පසුතැවීමක් තියෙනව.

මිල්ටන් පෙරේරාගේ ගීත ගායනා කරන්න විශේෂ හේතුවක් තිබුණද?

ඔව්, ඒ කාලෙ ගල්කිස්ස ප්‍රදේශයේ හිටියා වාදබයිලා චක්‍රවර්තී මිල්ටන් සිල්වා මහත්මයා. එතුමාගේ ගෙදරට මමත් යනව එනව. ඒ කාලෙ මිල්ටන් පෙරේරා මහත්මයාත් ඒ ගෙදරට යනව එනව. එවැනි අවස්ථාවල එතුමා ගීත ගායනා කරනව දැකල හරි ආසා හිතුනා. ඒ ඇතිවුණ කැමැත්ත නිසාම තමයි මේ තරගයේදි එතුමාගේ ගීත ගායනයට යොමු වුණේ.

අනෙකුත් තරගකරුවන්ගෙ ප්‍රතිචාරය කොහොමද?

ඇත්තම කිව්වොත් එක දෙක තුන කියන ස්ථාන ගැන අපි තැකුවෙ නැහැ. ඒ වෙනුවට බොහොම සහෝදරත්වයෙන් තමයි සියලුම දෙනා හිටියෙ. ලැබෙන ඕනෑම ස්ථානයක් සතුටින් භාරගන්න අපි සූදානමින් හිටියෙ. මට වැඩිය අවුරුදු දහයක් පහළොවක් විතර වයසින් අඩු අයත් හිටිය. නමුත් ඒ කිසිම බේදයක් අපි අතර තිබුණෙ නැහැ. යමක් දන්න අය නොදන්නා අයට අඩුපාඩු කියලදීල ඒවා හදාගන්නත් උදව් කළා.

ගෙදරින් ලැබුණ සහයෝගය?

මට වයස අවුරුදු පනස් පහ හැට විතර වෙන කාලෙ ගීත ගායනා කරද්දි ඔවුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. නමුත් මට ඒක අතහරින්න සිද්ධ වුණා. ඒ හේතුව නිසා වෙන්න ඇති මේ තරගයේ මුල් කාලෙදිනම් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණෙ නැහැ. එයාල ඇහුවෙ දැන් අවුරුදු හැත්තෑවත් පහුවෙලා කොහොමද සින්දු කියන්නෙ, දැන් අමාරුයි නේද කියල. නමුත් මම උත්සාහය අතහැරියෙ නැහැ. මේ ගමනෙදි මට මුණගැහෙනව මොරටුවේ සරණ ගුණරත්න කියන මහත්මයාව. එතුමා මට කිව්වෙ, ඔයා තරගයට යන්න මම උදව් කරන්නම් කියල. ඉන් පස්සෙ ගීත ගායනා කරන හැටි දවස් කිහිපයක්ම එතුමා මට කියල දුන්නා. ඒ දැනුම්වත් කිරීමත් එක්ක තමයි මම මේ තරගයට සහභාගී වෙන්නෙ.

විනිසුරුවරුන්ගෙන් සාර්ථක ප්‍රතිචාර ලැබුණලු?

ජානක විත්‍රමසිංහ, එඩ්වඩ් ජයකොඩි, සුභානි හර්ෂණී කියන ප්‍රවීණ විනිසුරු මඬුල්ල මට පෞද්ගලිකවත් මුණගැහිල කිව්වා ඔයා බොහොම හොඳින් ගායනා කරනව, සමහර ගීත අපිවත් අහල නැහැ, ගීත හොඳින් තෝරාගෙන ගායනා කරන්න කියල.

දක්‍ෂතම තරුව වෙන්න බැරි වුණ එක ගැන දුකක් තියෙනවද?

ඇත්තටම මට කනගාටුක් නැහැ. බස් එකේ ගියත් ගොඩක් දෙනෙක් අහනව ඔයා නේද සික්ස්ටි ප්ලස් තරගයේ හිටියෙ කියල. ජනප්‍රිය වෙන්න හැමෝටම බැහැ. මට අද ඒ තැන තියෙනව.

ජනප්‍රිය වගේද දක්‍ෂම තරුවත් වෙයි කියන බලාපොරොත්තුවත් තිබුණද?

මම ගීතයක් ගායනා කරල එළියට ආවම හැමෝම කිව්වෙ නියමයි නියමයි නියමයි ඔයා තමයි එන්නෙ කියල. මමත් ඉතිං හැම දෙනාටම බොහොම ස්තූතියි කිව්වා. ඒ ලැබුණ ප්‍රතිචාරත් එක්ක මුලදි මට හිතුනෙ මම තරගයේ ජයග්‍රාහකයා වෙයි කියල.

මහේෂ් එදිරිසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
අතිරේක මීවිත

ලකාගෙ වැඩවල මට හම්බවුණේ දුවන්නමයි… – අංජන ප්‍රේමරත්න

අතිරේක මීවිත

ආලවන්ත වීදියේ සින්දු ලියන දොස්තර…

අතිරේක මීවිත

The Lake වෙනස් විදිහේ කතාවක් – නිවර්තනා දේවගේ

අතිරේක මීවිත

අම්මා සින්දුවේ දර්ශනයේදී ඇත්තටම ඇඬුණා

අතිරේක මීවිත

රාවණ වැඩ අරඹයි…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok