Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වර්තමානයේ දරුවෝ එළවළු පලතුරුවලින් වේගයෙන් ඈත් වන බවක් පෙනෙන්නට තිබෙනවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වර්තමානයේ දරුවෝ එළවළු පලතුරුවලින් වේගයෙන් ඈත් වන බවක් පෙනෙන්නට තිබෙනවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

වර්තමානයේ දරුවෝ එළවළු පලතුරුවලින් වේගයෙන් ඈත් වන බවක් පෙනෙන්නට තිබෙනවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

1 day ago
136 Views

වත්මන් දරු පරපුර එළවළු, පලතුරු පරිභෝජනයෙන් වේගයෙන් ඈත්ව යන බවත් මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ප්‍රජාව අවධානය යොමුකරමින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ආකල්පමය වෙනසක් කඩිනමින් ඇතිකර ගත යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ 2025 ජාතික පෝෂණ මාසය වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැත්වූ ජාතික සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

සෑම වර්ෂයකම ජුනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෝෂණය සම්බන්ධයෙන් ජයග්‍රහණය කළයුතු අභියෝගවලට මුහුණ දීමට සුදුසුම අමාත්‍යාංශය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනමාධ්‍ය විෂයට සැළකිය යුතු කාර්ය භාරයක් පෝෂණ විෂයෙහි ඉටු කිරීමට තිබෙන බව ද, මාධ්‍ය ආයතන මගින් විකාශනය කරනු ලබන ප්‍රවෘත්ති, විද්වත් වැඩසටහන් පමණක් නොව විකාශනය වන සියලු වැඩසටහන් තුළ පෝෂණය සම්බන්ධයෙන් නිවැරදි පණිවුඩ ජනතාව අතරට ගෙන යෑමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සියල්ලටම ආරාධනා කරන බවත්, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ගතයුතු බවත්, එවැනි වැඩපිළිවෙළක් වසර කිහිපයක් අඛණ්ඩව දියත් කළ හොත් මෙරට පෝෂණය සම්බන්ධ විෂයට අදාළව උපරිම ප්‍රතිඵල ලබාගත හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසී ය.

පෝෂණය යන විෂය සෞඛ්‍ය අංශයට පමණක් සම්බන්ධ විෂයක් නොවන බවත්, එය අමාත්‍යාංශ ගනණාවක මැදිහත්වීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර කරගත යුතු විෂයක් බව ද අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් පැවසී ය.

“එළවළු පලතුරු – සුවදෙයි නිරතුරු” යන කාලීන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ප්‍රකාශයට පත් කර ඇත. මෙම තේමාව යටතේ ප්‍රධාන පණිවුඩ හතරක් හඳුනාගෙන එය සමාජගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම ප්‍රධාන පණිවුඩ හතර නම්, දිනකට අවම වශයෙන් එළවළු වර්ග දෙකක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග දෙකක් පරිභෝජනය කරන්න, එළවළු සහ පලතුරු සකස් කිරීමේ දී ඒවායේ පෝෂණ ගුණය ආරක්ෂා වන අයුරින් සකස් කර ගැනීම සිදු කරන්න, සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වශයෙන් හැකි සෑම විටම එළවළු සහ පලතුරු ආහාරයට ගන්න සහ දේශීයව අඩු වියදමින් ලබාගත හැකි එළවළු සහ පලතුරු තෝරා ගන්න යන කරුණු වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් යන මහත්වරුන් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් පෝෂණවේදීන්, හෙද හෙදියන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් පිරිසක් ද සහභාගි වූහ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

1 day ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

23 hours ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

කොළඹ බලය හෙට විසඳේ

ප්‍රධාන පුවත්

ආණ්ඩුවට දෙන්නේ නෑ

ප්‍රධාන පුවත්

බෝගම්බර බදු දෙන්න කැබිනට් අනුමැතිය

ප්‍රධාන පුවත්

මෛත්‍රී අත එපා කියයි

ප්‍රධාන පුවත්

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති 20ක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok