Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඒක නැති වුණ ජීවිතවලට කරන අගෞරවයක් – කාදිනල්තුමා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඒක නැති වුණ ජීවිතවලට කරන අගෞරවයක් – කාදිනල්තුමා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඒක නැති වුණ ජීවිතවලට කරන අගෞරවයක් – කාදිනල්තුමා

June 14, 2025
863 Views

පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් හෙළිකර යුක්තිය ඉටුකරන බවට වත්මන් රජය ලබාදුන් පොරොන්දු ඉටුකර නැහැ

ජනපති කොමිසමේ පළමු වෙළුමේ නිර්දේශ 200 ක්‍රියාත්මක නොකරන්නේ ඇයි

නීතිපති දෙපාර්තමේන්තුව ගැන ලැජ්ජයි

පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් හෙළිකර නිසි විමර්ශනයකින් පසු යුක්තිය ඉටුකරන බවට, වත්මන් රජය ලබාදුන් පොරොන්දු තවමත් ඉටුකර නැතැයි, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා චෝදනා කළේය.

ජාතික ජන බලවේග රජය විසින් ලබාදුන් පොරොන්දුව ඉටු නොකිරීම පිළිබඳව තමන් සසලව සිටින බව ද පෙරේදා (12දා) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයට එක්වෙමින් කාදිනල්තුමා සඳහන් කළේය.

මීට අවුරුදු හයකට පෙර සිදුවූ ඒ භයානක ප්‍රහාරය පිළිබඳව නිසි ලෙස සොයා ගැනීමට තවමත් අපොහොසත්ව තිබෙනවා. ඕනෑවට එපාවට, ආවාට ගියාට මෙය සිදුවෙනවා නම් අපි ඒ නැතිවුණු ජීවිතවලට කරන්නේ අගෞරවයක්.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ එන දෙසීයකටත් වැඩි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිදු දේශපාලන නායකයෙක් හෝ පක්‍ෂයක් ක්‍රියාකර නැහැ. ඒ පිළිබඳව නිසි යාන්ත්‍රණයක් හෝ ආරම්භ කර නැහැ. මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටියත්, එය වැළැක්වීමට නිල බලයෙන් වගකීම් තිබූ කිසිවක් නොකළ හිටපු ජනාධිපතිවරයකු, අගමැතිවරයකු, පොලිසියේ හා ආරක්‍ෂක අංශවල උසස් නිලධාරීන්ට මේ වාර්තාවේ නිර්දේශයන්ට අනුව නීතිපති හෝ එම දෙපාර්තමේන්තුව මේ දක්වා විiානුකූල හෝ විනයානුකූල ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ද කියන්නේ බලවත් කනගාටුවෙන්.

මේ දක්වා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කිසිවක් නොකර සිටීම ලැජ්ජා සහගත බව කිව යුතුයි. ඇතැම් දේශපාලකයන්ට බැලමෙහෙවරකම් කිරීමේ ආශාව තුළ හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු සහ රජයේ උසස් යැයි කියා ගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය අපි හෙළි දකිනවා.

පසුගිය මැතිවරණ සමයේදී පාස්කු වින්දිතයන්ට මේ රජය පොරොන්දු වුණා වෝහාරිකව පැවැත්වෙන විමර්ශනවලට මඟපෙන්වීමට, උදව්වීමට බලතල ඇති විශේෂ අභිචෝදකවරයකු සහ කාර්යාලයක් ඇතිකරන බව. නමුත් එය ද මේ දක්වා ඉටුකර නැහැ.

ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය අප වෙත ඉදිරිපත් කරමින් එදා පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව අපට දුන් පොරොන්දු තවමත් ඉටු නොවීමත්, ඒ සඳහා මූලික වැඩපිළිවෙළක් දියත් නොවීමත්, අප සසල කරවන්නක් බව කිව යුතු යැයි ද කාදිනල්තුමා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok