Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තවත් පළාත් පාලන ආයතන කීපයක බලය පිහිටුවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තවත් පළාත් පාලන ආයතන කීපයක බලය පිහිටුවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

තවත් පළාත් පාලන ආයතන කීපයක බලය පිහිටුවයි

June 14, 2025
1837 Views

යාපනය තමිල් අරසුකච්චිට, උඩුදුම්බර සජබට,

කූපන් ඇදීමෙන් මැදගම සභාපති මාලිමාවෙන්

කැබතිගොල්ලෑව සජබට ,පඬුවස්නුවර මාලිමාවට

සර්වජන සභිකයා ඉවත් කරලා

මිනිපෙත් මාලිමාවට, නල්ලූර් බලයට ගිවිසුමක්

පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව තවත් පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම ඊයේ (13දා) සිදු විය. ඒ අනුව යාපනය මහ නගර සභාවේ බලය ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය හිමිකර ගෙන තිබේ.

ඒ අනුව එම පක්‍ෂයේ විවේකානන්ද රාජා මදිවදනි මහත්මියට නගරාධිපති ධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 19ක් ලැබුණු අතර ඊ.පී.ඩී.පී. පක්‍ෂය, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්‍ෂය යන පක්‍ෂවල සහය ඇයට ලැබී ඇත.

මෙම ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

මේ අතර මහනුවර, උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය ඊයේ (13දා) පැවති මහා සභා රැස්වීමේදී සමගි ජන බලවේගයට හිමි විය. එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැති අතර එහිදී වැඩි ඡන්ද ලබාගත් සමගි ජන බලවේගයේ අජිත් විපුල බණ්ඩාර සුබසිංහ මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය.

එසේම මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා කුසපත් ඇදීමක් සිදු කළ අතර එහිදී ජාතික ජන බලවේගයේ ආර්. එම්. අජිත් පුෂ්පකුමාර මහතාට සභාපති ධුරය හිමි විය.

එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ හා ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් දෙදෙනාම ඡන්ද 8 බැගින් සමානව ලබා ගැනීම නිසා කුසපත් ඇදීමට සිදු විය.

එසේම ඊයේ (13දා) පැවැති කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගැනීමට ද සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්‍ෂයට හැකි විය. ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස මහතා පත් විය.

මේ අතර පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ඊයේ (13දා) රහස් ඡන්දයක් පැවැත්වූ අතර එම ඡන්ද විමසීමට පෙර සර්ව ජන බලය පක්‍ෂයෙන් තේරී පත්ව තිබූ මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කෙරිණි. ඊට හේතුවී තිබුණේ ඔහුගේ නම ගැසට්පත්‍රය මගින් ප්‍රකාශයට පත්ව නොතිබීමයි.

ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයෙන් තරග කළ මන්ත්‍රීවරයාට ඡන්ද 19ක් ලැබුණු අතර සමගි ජන බලවේගයෙන් තරග කළ මන්ත්‍රීවරයාට හිමි වූයේ ඡන්ද 18කි.

එසේම මිනිපේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ජාතික ජන බලවේගයේ සභාපති ධුර අපේක්‍ෂකයාට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීම නිසා එහි බලය ද ජාතික ජන බලවේගයට හිමි විය.

මේ අතර යාපනය නල්ලූර් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය හා දෙමළ ජාතික සංධානය පසුගිය (11දා) ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ අනුව එම පක්‍ෂ දෙකම පාලන කාලය බෙදාගෙන පාලනය කිරීමට එකඟ වී ඇත.

කමල් බෝගොඩ, දිනසේන රතුගමගේ, බඩල්කුඹුර – රවිඳු ගුණතිලක, සමන්තී වීරසේකර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

දින 29ක් රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය මහේෂිට ඇප

ප්‍රධාන පුවත්

භාතිය දෑස් පියාගනී

ප්‍රධාන පුවත්

රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි – කළමනාකරණ කමිටුව හමුවේ සජබ මන්ත්‍රීවරු කියති

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

ප්‍රධාන පුවත්

වර්ජනවලින් තැපෑලට කිසිම වාසියක් නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok