Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාතෘභූමිය වෙනුවෙන් ඉතා අගනා සේවයක් ඉටුකළ හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාතෘභූමිය වෙනුවෙන් ඉතා අගනා සේවයක් ඉටුකළ හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

මාතෘභූමිය වෙනුවෙන් ඉතා අගනා සේවයක් ඉටුකළ හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

June 14, 2025
934 Views

වසර 40කට වැඩි කාලයක් මාතෘභූමිය වෙනුවෙන් ඉතා අගනා සේවයක් ඉටුකළ ශ්‍රී ලංකාවේ හිටපු කීර්තිමත් යුද හමුදාපතිවරයකු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා ඊයේ (13දා) අභාවප්‍රාප්ත විය. මේ රටේ කුරිරු ත්‍රස්තවාදය පැවැති 88, 89, 90, 91 කාලවලදී තම මාතෘභූමිය රැක ගැනීම වෙනුවෙන් අගනා සේවාවක් ඉටු කළ මෙම වීර සෙන්පතියා අසනීප තත්ත්වයෙන් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 91 වැනි වියේ පසු විය.

1954 වර්ෂයේදී කෙඩෙට් නිලධාරියකු ලෙස එවක ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ වනසිංහ මහතා, මූලික යුද පුහුණුව ී්බායමරිඑ හි රාජකීය හමුදා විශ්වවිiාලයෙන් හැදෑරීය.

ඉන් අනතුරුව දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වූ ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරියකු ලෙස පත්කරනු ලැබීය.

යුද හමුදාපති ලෙස පත්වීමට පෙර ඔහු හමුදාවේ විවිධ තනතුරු රැසක් හෙබවිය.

1988 වර්ෂයේදී මෙරට 11 වැනි යුද හමුදාපතිවරයා ලෙස ඔහු පත් විය.

හැමිල්ටන් වනසිංහ මහතා 1995 වසරේදී යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ අතර, ඉන් අනතුරුව ඔහු මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හෙබ විය.

ගම්පහ, මල්වාන ප්‍රදේශයේදී උපත ලැබූ හැමිල්ටන් වනසිංහ මහතා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි.

දක්ෂ ක්‍රීඩකයකු වූ ඔහු පාසල් කාලයේ ශිෂ්‍ය භට බළකායේ සැරයන් මේජර් තනතුර හෙබ විය.

විiාලයේ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ වනසිංහ මහතා, පාසල් කාලයේදී මෙන්ම ඉන්පසු යුද හමුදා සේවා කාලයේදී බොහෝ කුසලාන දිනා ගැනීමට සමත් විය.

ඔහු සිලෝන් ඉන්ටර් ඩොමිනියන් කුඩා සිදුරු රයිෆල් වෙඩි තැබීමේ තරගාවලිය ද නියෝජනය කර තිබේ.

එසේම, රටේ පැවැති කුරිරු යුද්ධය අවසන් කිරීමට විශේෂ බලපෑමක් කළ ස්නයිපර් බළකාය යුද හමුදාවට හඳුන්වා දෙනු ලැබුවේ ද ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාය.

හැමිල්ටන් වනසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි 15 වැනිදා ඉරිදා පස්වරුවේ පූර්ණ යුද හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරන බවත්, දැනට ඒ මහතාගේ දේහය මල්වානේ නිවසේ තැන්පත් කර තිබෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් වරුණ ගමගේ මහතා “දිවයින”ට පැවැසීය.

එසේම ඒ මහතාගේ එකම පුත්‍රයා ද තම කාලතුවක්කු රෙජිමේන්තුවේ 2 වැනි මේජර් ජෙනරාල්වරයා ලෙස ද කටයුතු කළේය. ඔහු නමින් මේජර් ජෙනරාල් සංජය වනසිංහ විය.

එමෙන්ම ඒ මහතාගේ බෑණනුවන් ද යුද්ධය පැවැති කාලයේ අලිමංකඩදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක දී දිවි පිදීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සචිත්‍ර ඇල්වලගේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

දින 29ක් රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය මහේෂිට ඇප

ප්‍රධාන පුවත්

භාතිය දෑස් පියාගනී

ප්‍රධාන පුවත්

රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි – කළමනාකරණ කමිටුව හමුවේ සජබ මන්ත්‍රීවරු කියති

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

ප්‍රධාන පුවත්

වර්ජනවලින් තැපෑලට කිසිම වාසියක් නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok