පසුගිය කාලසීමාව තුළදී සාකච්ඡා වූ කන්ටේනර් 323 නිදහස් කිරීමේ මගඩියටත් අදාළව කඩිනම් විමර්ශනයක් පවත්වා චෝදනා එල්ලවන ඇමැතිවරයකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් සිදු කරමින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම් සභාවට සංදේශයක් භාරදෙන ලදී.
මෙහිදී නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමීන් වහන්සේල,නියෝජ්‍ය ලේකම් පූජ්‍ය කිරිගල්පොත්තේ චන්දානන්ද හිමියන් සහ පක්‍ෂ නායක සුගීෂ්වර බණ්ඩාර, කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන්, මධ්‍යම කාරක සභික විදුර අල්ගම, කොළඹ දිසා ලේකම් විකුම් කිත්සිරි යන මහත්වරු ඇතුළු අප පක්‍ෂ සාමාජිකයන් සහභාගී වූහ.
එහිදී පක්‍ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මැතිතුමා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පසුගිය දිනවලදී කිසිදු පරීක්‍ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් 323 හි අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ඇති බවට විවිධ දේශපාලනඥයන් අදහස් ප්‍රකාශ කර සිටින අවස්ථාවකදී ඊයේ (06 දා) පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා මහතා විසින් ප්‍රකාශ කර සිටියේ වෙල්ලමුල්ලිවයික්කාල් සටනට අවශ්‍යව තිබූ ප්‍රභාකරන් ජීවත්ව සිටියදී ඇනවුම් කළ ආයුධ මෙම කන්ටේනර් බහාලුම්වල තිබූ බවට සිදුකළ ප්‍රකාශය ඉතා භයානක බවය.
එමනිසා අපි අද අල්ලස් හා විමර්ශන කොමිසම් සභාවට සංදේශයක් භාර දෙමින් ප්‍රකාශ කර සිටින්නේ මෙම කන්ටේනර් මගඩිය පිටුපස සිටින උදවිය අත්අඩංගුවට ගන්න කියලයි.