‘ප්‍රචණ්ඩත්වයෙන් තොර අර්ථවත් ජීවන රටාවක් වෙනුවෙන් පෙළගැසෙමු’ යැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හජ් සැමරුම නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ මොහොතේ හජ් සැමරුමේ සැබෑ අරුත ගැඹුරින් වටහා ගැනීම අතිශයින් ම වැදගත් වේ. එක් පැත්තකින් හජ් වන්දනාව යනු ඉස්ලාමයේ මඟ පෙන්වීම අනුව ඉටුකරන වගකීමකි. සෑම ඉස්ලාම් බැතිමතෙක්ම අනිවාර්යයෙන් ඉටුකළ යුතු කාර්යයන් 05ක් ඉස්ලාමීය දහමේ පෙන්වා දී තිබේ. දේව විශ්වාසයල පස්විල් නැමැදුම, රාමසාන් මාසයේ උපවාසය සුරැකීම, සකාත් නම් වූ දුගී බද්ද ගෙවීම සහ හජ් වන්දනාවයි.
ඉස්ලාමීය මෙම මඟපෙන්වීම් පහ කෙනෙකුගේ ජීවිතය තුළ ගොඩනඟා ගත යුතු ගුණධර්ම රැසකට මඟපෙන්වා දීමකිග සාමයල සහෝදරත්වය, සහජීවනය, භක්තිය, පරිත්‍යාගය සහ ආධ්‍යාත්මික ගුණ වගාව ඒ තුළ ප්‍රධාන වන බව විපක්‍ෂ නායකවරයා හජ්ජි සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
වර්තමාන ලෝකය මුහුණ දී ඇති අභියෝග හමුවේ සමාජය තුළ ගොඩනැඟිය යුතු සහ රෝපණය කළ යුතු යහපත් ජීවන චර්යාවනට ඉස්ලාමීය මෙම මඟ පෙන්වීම පරමාදර්ශයක් බව පැහැදිලි වේ. මෙම දර්ශනයල දැක්ම ඉස්ලාමීය බැතිමතුන්ට පමණක් නොව ඕනෑ ම ආගමිකයකුට තමන් විශ්වාස කරන දහම අනුව සිය ජීවිතය ගොඩනඟා ගැනීමට අත්වැලක් බව සඳහන් කළ යුතුය.
ප්‍රචණ්ඩත්වයෙන් තොර අර්ථවත් ජිවන රටාවකට පෙළගැසෙමු – හජ්ජි සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
