මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් යන වයසේ දරුවන් බව අනාවරණය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව පාසල්වලින් 50%ක්ම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවත්, ඉන් 14% කින් මදුරු කීටයන් ද හමුවී ඇති බවත් එම ඒකකයේ ප්‍රජා වෛi විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.
පවතින තත්ත්වය හමුවේ පාසල් පද්ධතිය ආරක්ෂිතව සහ පිරිසිදුව තබා ගැනීමට සිසුන්, මව්පියන් මෙන්ම ගුරුවරුන් වගබලා ගැනීමට අතිශයින් වැදගත් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ අතර පාසල්වල ඩෙංගු මර්දන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් ද නිකුත් කර තිබිණි.
සුජීව තත්සර