පිට පිට දින තුනක් තිස්සේ වාර්තාගත ලෙස ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ ඊයේ (06) දිනයේදී පහත වැටුණි.
මේ අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය ඒකක ඊයේ (06දා) 17394.45ක් දක්වා ඒකක 40.49කින් පහත වැටුණි.
එසේම කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ද ඊයේ (06) දිනයේ ඒකක 5175.95ක් දක්වා ඒකක 10.83කින් පහත වැටී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත