කොතලාවල ආරක්ෂක විශ්වවිiාලයීය වෛi පීඨයට දේශීය සිසුන් බඳවා නොගන්නා බවට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා කර ඇති ප්‍රකාශයෙන් සිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩව ඇති බැවින් එම තීරණය අත්හිටුවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අගතියට පත් සිසුන්, දෙමාපියන් සහ සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
කොතලාවල ආරක්ෂක විiාපීඨයට දේශීය වෛi සිසුන් බඳවා නොගන්නා බවට ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අනුර ජයසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හරහා දේශීය වෛi සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත්, එම සිසුන්ට වෛi අධ්‍යාපනය සඳහා ලියාපදිංචිවීමට තිබුණු අවස්ථාව අවලංගු කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.
කොතලාවල ආරක්ෂක විiා වෛi පීඨයේ පාලනාධිකාරිය, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, සෞඛ්‍ය ඇමැති වෛi නලින් ද ජයතිස්ස මහතා ඇතුළු වගකිව යුතු පාර්ශ්ව වගඋත්තරකරුවන් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ බව වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛi චමල් සංජීව මහතා ‘දිවයින’ ට පැවසීය.
සුජීව තත්සර