පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට බලධාරීන් දිගින් දිගටම පියවර නොගැනීමට විරෝධය පළ කරමින් අද (27දා) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ‘පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය’ තීරණය කර ඇත.
පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම්වලට අදාළ ගැටලු, සති අන්ත නිවාඩු දින දීමනාවලට අදාළ ගැටලු හා සෙසු කරුණු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබූ කාලය මෙන්ම එකඟතාවන් ද ක්‍රියාත්මක නොකිරීම මෙම තීරණයට හේතු බව එම බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය.
අපි අද උදෑසන 8.00 සිට අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා. මෙය නතර කිරීමේ සංඥාව නිකුත් කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය. අපේ සාධාරණ ඉල්ලීම් නොදීමට තවදුරටත් ඒ අයට හැකියාවක් නැහැ. පරිපූරක වෛද්‍ය සේවාවේ ගැටලු විසඳීම සඳහා වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා මැදිහත් වනු ඇතැයි විශ්වාසයක් තිබුණත් ඔහු දිගින් දිගටම එය පැහැර හැරියා. දැන් අපට වෘත්තීය ක්‍රියාමාර්ග හැර වෙන කිසිවක් නැහැ යැයි ද චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
කෙසේ වෙතත් වර්ජන කාලසීමාවේදී මාතෘ, හෘද, ළමා ඒකක සහ ජාතික ලේ බැංකුවේ සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බවද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය වැඩිදුරටත් කියා සිටී.
සුජීව තත්සර