ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෛද්‍ය උපාධි පාඨමාලාව නතර කරන්න රජය තීරණය කර ඇති බවත්, මෙය නතර කිරීම නිසා අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දූ දරුවන්ට ඇති අවස්ථා නැති කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කොතලාවල වෛද්‍ය පීඨය සදහා දේශීය සිසුන් බඳවා ගැනීම නතර කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මෙම වෛද්‍ය පාඨමාලාව නිසා අප රටට ඩොලර් උත්පාදනය වන බවත්, අප රටේ වෛද්‍ය සිසුන්ට මේ උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව අහිමි කිරීම නිසා බරපතළ හානිදායක දේවල් රැසක් සිදුවන බවත්, මේ උපාධිය හදාරන්න අපේක්ෂා කරන සිසු දූදරුවන් ලක්ෂ 130ක් පමණ වැය කරන බවත්, මෙය නතර කිරීම හරහා ලක්ෂ 400ක් 500ක් අතර ප්‍රමාණයක් විදේශ රටවලට වැයකර උපාධිය
ගැනීමට සිදුවන බවත්, මේ සඳහා වියදම් ඩොලර්වලින් සිදු කිරීම නිසා අප රටේ රඳවා ගත හැකි ඩොලර් ප්‍රමාණය ද අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ වෛද්‍ය පාඨමාලාව හදාරන දූ දරුවන් බහුතරයකට නැගෙනහිර, සබරගමුව, ඌව ආදී විශ්වවිද්‍යාවල නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍ය උපාධිය හදාරන්න අවස්ථාව ලැබුණත් දුරබැහැරකම නිසා කොතලාවල පැමිණෙන බවත් මේ නිසා මෙම විශ්වවිද්‍යාවලට අමතර සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලැබෙන බවත් කොතලාවල වෛද්‍ය පීඨය වසා දැමීම නිසා නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට ද අවස්ථා රැසක් අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.