රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යාංශ 18ක, පළාත් සභා හතරක සහ විශේෂ වියදම් ඒකක දෙකක පවතින තනතුරු පුරප්පාඩු සඳහා මේ බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතය.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මගින් අදාළ බඳවා ගැනීම් සිදුකිරීමට නිර්දේශ කර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත