Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනඟන්න ගත හැකි සෑම පියවරක්ම ගන්නවා – ජනාධිපති අනුර කුමාර දිසානායක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනඟන්න ගත හැකි සෑම පියවරක්ම ගන්නවා – ජනාධිපති අනුර කුමාර දිසානායක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනඟන්න ගත හැකි සෑම පියවරක්ම ගන්නවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

1 week ago
93 Views

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75 වැනි ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය”

තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදුජන හිතසුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බවත්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වැනි වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (28 දා) පස්වරුවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75 වැනි ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” අමතමිනි.

අශිෂ්ටත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබූ රටක් හා සමාජයක් යළි ශිෂ්ටත්වය කරා ගෙන යෑමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රජයක් ලෙස ඒ වෙනුවෙන් ඉටුකළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද අවධාරණය කළේය.

ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැඟීමේදී නව හර පද්ධතියක සහ වටිනාකම් පද්ධතියක අවශ්‍යතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශිෂ්ටත්වය කරා යන එම ගමනේදී “පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගත යුතු බව” තමන් ප්‍රකාශ කළේ එබැවින් බවද සිහිපත් කළේය.

රට තුළ අපේක්ෂා කරන ශිෂ්ටත්වයේ නව හැරවුම ගැනීම හුදු දේශපාලන ධාරාවේ වෙනස්කම්වලින් පමණක් සිදුකළ නොහැකි බවත්, වටිනා හර පද්ධතීන් සහ වටිනාකම් මත ගොඩනැඟෙන සමාජ බැඳීම්වල කාර්යභාරයක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම තමන් දරා සිටින ස්ථාවරයේ ශක්තිමත්ව එළැඹ සිටීම ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ “උජුපටිපන්න” ගුණයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේගේ 75 වසරක භික්ෂු ජීවිතය තුළ විද්‍යමාන කළ වටිනාකම් සිය ජීවිතවලට උකහා ගැනීම උන්වහන්සේට සිදුකළ හැකි ඉහළම ගෞරවය බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ජාතික අර්බුදකාරී අවස්ථාවල පෙරට වැඩමකර නිර්භයව ඒ වෙනුවෙන් පෙනී සිට රටත්, සම්බුදු සසුනත්, ජාතියත් වෙනුවෙන් සටන් කළ මහා තෙර නමකි. උන්වහන්සේ විසින් සිදු කරනු ලබන ජාතික, සමාජයීය හා ශාසනික සේවාව අගයමින් සහ උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබිණ.

“ප්‍රායෝගික බුදුසමය” ශාස්ත්‍රීය සංග්‍රහය සහ “අණ ගුණ සහ බණ” කෘතියද මෙහිදී ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණ.

කාම්බෝජ සංඝරාජ හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලද අතර බෝධිරාජ විද්‍යාලයේ සහ ශ්‍රී බෝධිරාජ ධර්මායතන දහම් පාසලේ ශිෂ්‍ය, විශාරද දුලිත මේනුජ ශිෂ්‍යයා විසින් ගායනා කරන ලද “ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි” උපහාර ගීතය ඇතුළත් සංයුක්ත තැටියද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ

උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමිපාණන් වහන්සේ, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, කොරියාවේ ජොගේ මහා නිකායේ ප්‍රධාන සංඝනායක සහ සංඝෙසා බෞද්ධ විහාරයේ විහාරාධිපති යොන්දම් මාහිමිපාණන් වහන්සේ ඇතුළු විදෙස් ගිහි පැවිදි ආරාධිත පිරිසක් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ එක්ව සිටියහ.

දෙබරවැව – පේමසිරි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok