Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දුමින්ද යළි රිමාන්ඩ්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දුමින්ද යළි රිමාන්ඩ්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

දුමින්ද යළි රිමාන්ඩ්

1 week ago
42 Views

අනුරාධපුර නිවස පරීක්ෂාවට සෝදිසි වරෙන්තුවක්

කුඩාවියේ සිට ගිනිඅවි ඇසුරේ හැදී වැඩුණු ඔහුට ටී – 56 විශේෂත්වයක් නෑ – දුමින්දගේ නීතිඥ කියයි

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක පදිංචිකාරියක සන්තකයේ තිබී රන් ආලේපිත ටී – 56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අනුරාධපුරයේ පිහිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක් නිකුත් කළ ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය එම නඩුවේ 4 වන සැකකාර දුමින්ද දිසානායක මහතා ලබන 5 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (29දා) නියෝග කළාය.

සැකකාර දුමින්ද දිසානායක මහතා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලීමක් කළ නමුත් විමර්ශන අවසන් නොමැති අවස්ථාවක සැකකරුට ඇප ලබාදීම නුසුදුසු බවට නිගමනය කොට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

සිය සේවාදායකයාට එරෙහිව ගිනිඅවි ආඥා පනතේ 43 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීම අතාත්තික බවත් එම පනත යටතේ චෝදනා ගොනු කළ හැක්කේ ගිනිඅවි සන්තකයේ තබාගැනීම, රැගෙන යෑම හෝ පාවිච්චි කිරීම යන වැරදිවලට බවත් පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා මෙම චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බැවින් ඔහු ඇපමත මුදාහරින ලෙසට ඉල්ලා සිටියේය.

එම සැකකරුගේ පියා ද දේශපාලනඥයකු වන බැවින් 1985 වසරේදී අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමෙන් පසුව ඔහුගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශවල ආරක්ෂාව සපයා තිබූ බවත්, කුඩා අවධියේ සිටම ගිනිඅවි ඇසුරේ හැදී වැඩුණු සිය සේවාදායකයා අවි ආයුධ නිතර දැක ඇති බවත් පැවසූ ජනාධිපති නීතිඥවරයා ඔහුට ටී – 56 ගිනිඅවියක විශේෂත්වයක් නොමැති බවද පැවැසීය.

එවැනි ගිනි අවියක් බැහැර කිරීමට අවශ්‍යතාව ඔහුට තිබුණේ නම් හැටඅට හැවිරිදි මිතුරිය හරහා එය බැහැර කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය මිතුරන් ඔහුට සිටින බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට කියා සිටියේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දමිතිනි ද සිල්වා මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වූවාය.

ඒ.ජේ.ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok