දශක තුනක පමණ කාලයක් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ විචිත්‍ර ධර්ම කථික බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ ඊයේ (29දා) අපවත් වූහ. අපවත්වන විට 68 වැනි වියේ පසුවූ උන්වහන්සේ කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් පසුවූහ.
බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණන් දොම්පේ ශ්‍රී කල්‍යාණි ආශ්‍රමය භාවනා මධ්‍යස්ථානය, දෙල්ගොඩ දහම් මැඳුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, බියගම කොට්ටුන්න ශ්‍රී දේවමිත්ත යෝගාශ්‍රමය, අත්තනගල්ල දහම් මැඳුර යන විහාරස්ථානවල අධීපතිත්වය ද දැරූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙන බව ශිෂ්‍ය භික්‍ෂු හිමිනමක වූ පොළොන්නරුවේ අමිතසිරි හිමියෝ පවසති.
බියගම – සුදත් සුමුදු කීර්ති, දෙල්ගොඩ – විතාන