වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති බවද ඒ නිසා වාහන ආනයනය ගැන අනියත බියක් ඇතිකරගත යුතු නැති බවද කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක සීමාව තුළ වාහන ආනයන කටයුතු සිදුවන බවද ඒ සම්බන්ධයෙන් සිමීත සුපරික්ෂාවකින් රජය කටයුතු කරන බවද මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස මහතා කීවේය. තවමත් අදාළ ආනයන සීමාව පසුකර නැති බවද මෙම වාහන ආනයන වියදම් විවිධ මාධ්‍යවලදී අඩුවැඩි වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
දැනට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක වාහන ආනයන සීමාව ඉවත් කිරීමට කිසිදු සාකච්ඡාවක් හෝ තීරණයක් ගෙන නැති බවද ඇමැතිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත