Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කඳානේ ඝාතනය: සැලසුම ඩුබායි සිට කොණ්ඩ රංජි හා චූටි මල්ලිගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කඳානේ ඝාතනය: සැලසුම ඩුබායි සිට කොණ්ඩ රංජි හා චූටි මල්ලිගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කඳානේ ඝාතනය: සැලසුම ඩුබායි සිට කොණ්ඩ රංජි හා චූටි මල්ලිගේ

July 9, 2025
759 Views

ඔත්තු බැලූ 2ක් අල්ලයි

හේතුව මත්ද්‍රව්‍ය ආරවුලක් – පොලිසිය සැක කරයි

කඳාන නගර මධ්‍යයේදී හිටපු ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි තබා බරපතළ තුවාල කර ඔහුගේ මස්සිනා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් කායවර්ධන මධ්‍යස්ථානයක පුහුණුකරුවකු සහ කායවර්ධන ක්‍රීඩකයකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් සහ ඔහුගේ මස්සිනා කායවර්ධන ක්‍රීඩාවේ නිරත වූ කායවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවකු සහ ක්‍රීඩකයකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම ප්‍රහාරය පිටුපස සිටින කඳානේ චූටි මල්ලි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියකු බව කියන කායවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරු සහ ඔහුගේ මිතුරකු වන කායවර්ධන ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයා ප්‍රහාරය සඳහා ඔත්තු සැපයීමේ නිරත වී ඇති බව අනාවරණය වී ඇත.

එම කාර්ය වෙනුවෙන් ඩුබායිහි සිටින චූටි මල්ලි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කායවර්ධන ක්‍රීඩාවේ නිරත වූ තරුණයාගේ බැංකු ගිණුමට රුපියල් පනස් දහසක මුදලක් බැර කර තිබූ බවද හෙළි වී තිබේ.

මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි සමීර මනහර සහ ඔහුගේ මස්සිනා වන උපාලි කුලවර්ධන මෙම ප්‍රහාරය මෙහෙය වූ කඳානේ ජාවාරම්කාරයන් සමග පැවති මත්ද්‍රව්‍ය ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවද පොලිසිය පවසයි.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කඳානේ කොණ්ඩ රංජි සහ චූටි මල්ලි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති අතර සමීර මනහර මොවුන්ගේ ඉලක්කය වී තිබූ බවද හෙළි වී ඇත. සමීර මනහර සහ උපාලි කුලවර්ධන කායවර්ධන මධ්‍යස්ථානයේ ක්‍රීඩා කර පිටව යද්දී ඒ බව ඩුබායි හි සිටින චූටි මල්ලි වෙත දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ එම මධ්‍යස්ථානයේම කායවර්ධන ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි සැකකරු විසින්ය.

එම තොරතුරු ලැබීමෙන් පසු චූටි මල්ලි තම පාතාල කුලී ඝාතකයන්ට ඒ බව දැනුම් දී මෙම ප්‍රහාරය එල්ල කිරීමට උපදෙස් දී ඇත.

ඒ අනුව කුලී ඝාතකයන් දෙදෙනා යතුරුපැදියක නැඟී සමීර සහ උපාලි ගමන් ගත් ජීප් රථය ලුහුබැඳ ගොස් කඳාන පොලිසිය ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි. මෙම ප්‍රහාරය එලල් කළ කුලී ඝාතකයන් දෙදෙනා පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි වී නැත. පොලිසිය සැකපහල කරන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ප්‍රහාරය සඳහා හේතු වූ බවටය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා උපදෙස් ලබාදී තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇප ඉල්ලීම විසිවෙයි: වෛද්‍ය මහේෂි යළි ඇතුළට

ප්‍රධාන පුවත්

පිරිහී ගිය සමාජයට මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් – ජනාධිපති අනුර කුමාර දිසානායක කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ ස්වර්ණ ජයන්ති උපහාර උත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අනියත බියක් එපා! වාහන ආනයනය හා විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නෑ – ඇමැති නලින්ද කියයි

ප්‍රධාන පුවත්

හිරගෙවල් උතුරයි

ප්‍රධාන පුවත්

අමරපුර නිකායේ ආදි කර්තෘවර සැමරුම් මහෝත්සවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok