පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
එම මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා පනත සංශෝධනය කරන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ස.ජ.බ. මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ඒ සඳහා ආණ්ඩුවට සම්පූර්ණ සහාය ලබා දෙන බව ද එම මැතිවරණයේදී සුවිශේෂී ජයක් ලබාගැනීමට සමගි ජන බලවේගයට හැකියාවක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් කීය.
අකිත පෙරේරා