ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන්විරාම ගිවිසුම ප්‍රකාශයට පත්කිරීමත් සමග ජුනි මස 27 වැනිදා වන විට බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 10.50කින් සහ ඇමරිකානු ඩොලර් 9.83කින් පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
ජුනි මස 23 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78.60 ක් ලෙස සටහන් වූ අතර එය 27 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් 68.10 දක්වා පහත වැටී තිබුණි. ජුනි මාසයේ 23 වැනිදා ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 75.45ක් ලෙස සටහන්ව තිබුණි. ජුනි මස 27 වැනිදා වන විට ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 65.62 දක්වා පහත වැටී තිබූ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවැති යුද්ධයත් සමග ජුනි මස 23 වැනිදා සිට 27 දා දක්වා කාලපරිච්ඡේදය ආරම්භයේ දී බොරතෙල් සැපයුමට බාධා වීම පිළිබඳ පැවැති අවිනිශ්චිතතාවය සමනය කරමින් බොරතෙල් මිල ගණන් තීව්‍ර පහළ යෑමක් පෙන්නුම් කළ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
ලලිත් චාමින්ද