ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ සමාගමක් වන මැසගන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ් විසින් කොළඹ ඩොක්යාර්ඩ් සමාගමෙහි 51% ක පාලන කොටස් අත්පත් කර ගැනීමෙන් කොළඹ වරාය අනාරක්ෂිතවීමක් සිදුවන බව ආරක්ෂක විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.
ඉන්දීය නාවික හමුදාව සඳහා සබ්මැරීන සහ යුද නැව් නිෂ්පාදනය කරන මෙම ආයතනය ඒ සඳහා කොළඹ ඩොක්යාර්ඩ් සමාගමත් එකතුකර ගැනීමෙන් ඉන්දීය විරෝධී කණ්ඩායම්වල ප්‍රධාන ඉලක්කයක් බවට කොළඹ වරාය පත්වන බවත් මේ හරහා ශ්‍රී ලංකාව කලාපීය බලවතුන්ගේ බල ක්‍රීඩාවල ඉත්තකු බවට පත්ව තිබෙන බවත් ඔවුන්ගේ අදහස වී ඇත.
ඉන්දීය මාධ්‍ය මේ ගනුදෙනුව ලංකාවේ චීන බලය මැඩ පැවැත්වීම සඳහා ගත් පියවරක් ලෙස හඳුන්වා දී තිබිණි.
චතුර පමුණුව