ලබන වසරේ (2025) දී සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.6ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට රජය ඉලක්ක කර ඇත.
ගිය වර්ෂයේ (2024) සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස සියයට 6.8ක් වූ අතර එය මේ වසරේ (2025) දී සියයට 6.5ක් දක්වා අඩුවනු ඇතැයි නවතම පුරෝකථන මගින් ඇස්තමේන්තු කර ඇත.
එසේම 2023 වසරේ සිට ඉදිරියට සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5කට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට රජය ඉලක්ක කර ඇති අතර වර්ෂ 2030 වන විට මෙම අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශකයක් ලෙස සියයට 3.7ක් දක්වා අඩුකරගත හැකිවනු ඇතැයිද අපේක්ෂිතය.
අයවැය හිඟය අඩුකිරීමට, රාජ්‍ය ණය මට්ටම ස්ථාවර කිරීමට සහ අයෝජන විශ්වාස නැවත ඇති කිරීම සඳහා වන තීරණාත්මක පියවරක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය’ නම් නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත