ගණපූර්ණය නොමැතිවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් තැබූ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 4ක ආයතන ප්‍රධානීන් පත්කිරීමේ රැස්වීම් ලබන 14 සහ 15 දිනවල පැවැත්වීමට නියමිතය.
ඒ අනුව බේරුවල නගර සභාවේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති තේරීම 14 වැනිදා එම සභා රැස්වීම් ශාලාවලදීත්, සීතාවකපුර නගර සභාවේ හා සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති තේරීම ලබන 15 වැනිදාත් සිදුකෙරෙනු ඇත.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර විසින් මෙම සභා නැවත කැඳවීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම සභා 04 රේම ආයතන ප්‍රධානීන් පත්කිරීමේ රැස්වීම් ඉකුත් මස කැඳවූ නමුත් සභාවල ගණපූර්ණය නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් දින නියමයක් නොමැතිව කල් දමනු ලැබීය.
මේ අතර කල් තැබූ තවත් ආයතන 6ක නැවත ඡන්ද විමසීම ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
කල් තබන ලද සියලු පළාත් ආයතන ප්‍රමාණය 10කි.
රනිල් ධර්මසේන