Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජ’පුර වෛද්‍යවරිය සැත්කම් කළ රෝගීන්ගෙන් 70% ක් මියගිහින් – අල්ලස් කොමිසම උසාවියට කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජ’පුර වෛද්‍යවරිය සැත්කම් කළ රෝගීන්ගෙන් 70% ක් මියගිහින් – අල්ලස් කොමිසම උසාවියට කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

ජ’පුර වෛද්‍යවරිය සැත්කම් කළ රෝගීන්ගෙන් 70% ක් මියගිහින් – අල්ලස් කොමිසම උසාවියට කියයි

July 5, 2025
4045 Views

සමහරුන්ට සැත්කම් 7-8ක් කරලා

තවත් වෛද්‍ය ආයතන 2ක් සහ වෛද්‍යවරුන්

කිහිපදෙනෙකු ගැන තොරතුරු අනාවරණය වෙනවා

විමර්ශන නිලධාරීන් කරුණු වාර්තා කර ඇත්තේ පක්ෂග්‍රාහීව – ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න

පළමුවන සැකකාරිය වන ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කළ මහේෂි සුරසිංහ විජේරත්න ගෙවුණ වසර කීපය තුළදී ඇය භාරව සිටින වාට්ටුවට ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත්වූ සමහර රෝගීන්ට ශල්‍යකර්ම 7-8ක් සිදුකර ඇතත් ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් අතරින් සියයට 70ක් පමණ මියගොස් ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (04දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේදී කරුණු දක්වමින් පැවැසීය.

තම කොමිෂන් සභාව විසින් විමර්ශන සිදුකරනුයේ ඇයට එරෙහිව ලැබී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පමණක් වන්නේ යැයි ද පැවැසූ එකී විමර්ශන මෙහෙය වන පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන් මහතා එකී විමර්ශන අනුව තවත් වෛද්‍ය ආයතන දෙකක් හා වෛද්‍යවරුන් කීපදෙනකු ගැන ද වැඩිදුර තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද අධිකරණයට පැවැසීය. ඇයගෙන් ප්‍රකාශ සටහන් කළ අවස්ථාවේදී පදිංචි ස්ථානය ලෙස සඳහන් කළ නිවසේ ඇය පදිංචිව නොමැති බවත් එකී ලිපිනය ද වැරදි බවත් අධිකරණයට පැවසූ පොලිස් පරීක්ෂකවරයා තම කොමිෂන් සභාව විමර්ශන සිදුකරනුයේ මහජනතාවගේ පැත්තේ සිටගෙන මිස කිසිවකුට අගතියට පත්වන ආකාරයෙන් නොවන්නේ යැයි ද පැවැසීය.

තම කොමිෂන් සභාව හමුවට පැමිණෙන ඇයගේ ක්‍රියාකලාප නිසා අගතියට පත්වූ රෝගීන් ඇතුළු පාර්ශ්ව හඬා වැලපෙමින් ප්‍රකාශ ලබාදෙන්නේ යැයි ද පැවැසූ පොලිස් පරීක්ෂකවරයා ඇය සිදුකළ ශල්‍යකර්ම ගැන තමන් තර්ක නොකරන බවත් එකී ශල්‍යකර්ම සිදුකිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණය නමැති වරද සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනුයේ එම වෛද්‍ය උපකරණ අලෙවියෙන් උපයාගත් මුදල් ඇගේ ගිණුම්වල තැන්පත් වී ඇති නිසා වන බවත් පැවැසීය.

ඇය ඉල්ලා සිටින වෛද්‍ය අයිතම් එම රෝහලේ නැතත් රෝගියකුගේ ජීවිතය ගලවා ගැනීම සඳහා සිදු කරන හදිසි ශල්‍යකර්මවලට අවශ්‍ය බව දැනුම් දුන්නේ නම් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ අවශ්‍ය ඖෂධ ඇතුළු දේ පැයක් දෙකක් ඇතුළත ඒවා රැගෙනවිත් ලබාදිය හැකි බව රෝහල් සැපයුම් අංශයේ නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ අනුව පෙනී යන්නේ යැයි ද විමර්ශන මෙහෙයවන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් අධිකරණයට පැවැසීය.

එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කරුණු දක්වමින් බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයෑමේ ප්‍රවණතාවයක් ඇති වර්තමානයේ එලෙස විදේශ ගත නොවී රට වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ එම වෛද්‍යවරියට විමර්ශන නිලධාරීන් මෙලෙස අසාධාරණ ලෙස සලකන්නේ නම් රටේ ජනතාවට දෙවියන්ගේ පිහිට මිස වෙනත් සරණක් නොමැති බව පැවැසීය. විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ සැබෑ තත්ත්වය සඟවමින් පක්ෂග්‍රාහී ආකාරයෙන් වන්නේ යැයි ද අධිකරණයට දීර්ඝ ලෙස කරුණු දක්වමින් පැවසූ ජනාධිපති නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ සැකකාර වෛද්‍යවරිය ඇපමත මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ස්නායු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ෑඪෘ සහ ී්‍යඹභඔ යන ආයිත්තම් රෝහලේ වාර්ෂික මිලදී ගැනීමේ ලේඛනයට ඇතුළත් නොකර අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ ආයතනයක් මගින් එම ආයිත්තම් ලබාගැනීම, එමඟින් රෝහලට පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ වෛද්‍යවරිය ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබිණි.

පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා ලබන 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගිය 24 වැනිදා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කොට තිබිණි. වෛද්‍යවරියට ඇප ඉල්ලා ගොනු කළ මෝසමක් අනුව එම නඩුව ඊයේ (04දා) කැඳවිණි. එම ඇප ඉල්ලීමේ තීන්දුව ලබන 8 වැනිදා නිකුත් කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය දින නියම කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok