Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වෛද්‍යවරියගේ දුවගෙන් උසාවි බිමේදීම අල්ලස් නිලධාරීනියට මරණ තර්ජන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වෛද්‍යවරියගේ දුවගෙන් උසාවි බිමේදීම අල්ලස් නිලධාරීනියට මරණ තර්ජන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

වෛද්‍යවරියගේ දුවගෙන් උසාවි බිමේදීම අල්ලස් නිලධාරීනියට මරණ තර්ජන

July 5, 2025
231 Views

නිලධාරිනිය මහෙස්ත්‍රාත්ට පැමිණිලි කරයි

දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වන මහේෂි විජේරත්නගේ දියණිය අධිකරණය භූමිය තුළදීම තමන්ට මරණීය තර්ජන එල්ල කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය ඊයේ (04දා) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මියට පැමිණිලි කළාය.

වහාම ඒ පිළිබඳව කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කරනා ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට දැනුම් දුන්නාය.

මේ වනවිට අධිකරණයේ නියමයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන මහේෂි විජේරත්න ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇපමත මුදාහරින්නැයි මෝසමක් මගින් නඩුව කැඳවමින් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය. දීර්ඝ ලෙස කරුණු දක්වමින් ලේඛන රැසක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා එම ඉල්ලීම කළේය. එම ඉල්ලීමට විරුද්ධත්වය දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය හා එකී විමර්ශන මෙහෙයවන පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන් මහතා කරුණු දැක්වූ අතර දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලට සවන් දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එකී ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 08 වැනිදා එම සැකකාරිය ඇතුළු සෙසු සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ පසු සුදුසු නියෝගයක් නිකුත් කරන බව දැනුම් දුන්නාය.

එම නඩු කටයුත්ත අවසන් වී පෙරවරු 3.30ට පමණ තමන් හා ප්‍රධාන විමර්ශන නිලධාරියා අධිකරණ භූමියෙන් නික්ම යමින් සිටියදී පළමුවන සැකකාරිය වන මහේෂි විජේරත්නගේ දියණිය තමුන් ඉදිරියට පැමිණ එකී මරණීය තර්ජනය එල්ල කර කඩිනමින් අධිකරණ භූමියෙන් නික්ම ගිය බව සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය විවෘත අධිකරණය හමුවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය පැමිණිලි කළාය.

ඒ.ජේ.ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

දින 29ක් රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය මහේෂිට ඇප

ප්‍රධාන පුවත්

භාතිය දෑස් පියාගනී

ප්‍රධාන පුවත්

රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි – කළමනාකරණ කමිටුව හමුවේ සජබ මන්ත්‍රීවරු කියති

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

ප්‍රධාන පුවත්

වර්ජනවලින් තැපෑලට කිසිම වාසියක් නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok